දේශීය පුවත්

වව්නියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක දමාගිය බෑගයක තිබි අත්බෝම්බ හතරක්, නවීන පිස්තෝලයක්, පිස්තෝල උණ්ඩ තොගයක් දමා ගිය සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පුලියන්කුලම පොලීසිය පවසයි.

වව්නියාව ආරක්ෂක අංශ පැවසූවේ සැකකරු දමාගිය බෑගය තුළ තිබු ‍සොයාගත් දුරකථන‍ දෙක තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම් සහිත වීඩියෝ තිබි ඇති බව සොයාගෙන ඇති අතර, අදාළ දුරකථන සූර්ය කෝෂ මඟින් චාර්ජ් කිරීමට යොදා ගන්නා උපකරණ රැසක්ද සොයාගෙන ඇති බවයි.

සැකකරු සතුව තිබු පිස්තෝලය පොලීසිය සොයාගන්නා අවස්ථාවේ වෙඩි තැබීම වෙනුවෙන් සුදානම් කොට තිබි ඇති බවද ආරක්ෂක අංශ අනාවරණය කොටගෙන ඇත.

ආරක්ෂක අංශ පැවසූවේ පුලියන්කුලම, පුදූර් නාගතම්පිරාන් කෝවිල මාර්ගයේ නාදුනන පුද්ගලයෙකු බෑගයක් රැගෙන ගමන් කරන බවට ලද තොරතුරක් මත පුලියන්කුලම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පරීක්ෂා කිරීමක් සිදුකිරීමට යාමේදී අදාළ සැකකරු බෑගය දමා කැළෑවට පැන පළාගොස් ඇති බවයි.

සොයාගත් අත්බෝම්බ එල්.ටී.ටී.ඊ සංවිධානය නිෂ්පාදිත වර්ග‍යේ අත්බෝම්බ වන බවද පොලීසිය මූලික විමර්ශනයන්ගෙන් අනාවරණය‍ කොටගෙන ඇති අතර, සොයාගත් පිස්තෝලය හා පතුරම් ඉතා නවීන තත්ව‍යේ පවතින බවද ආරක්ෂක අංශ පැවසූහ.

සැකකරුගේ ගමන්මල්ල තුළ, මාලිමාවක්,සූර්ය කෝෂ දුරකථන චාර්ජරයක්, මදුරු නාශක ආලේපනයක්, අධි ප්‍රෝටීන පෙති බවට සැක කරන පෙති විශේෂයක්, වේදනානාශක බෙහෙත්පෙති, දත් බුරුසුවක්, දත් බෙහෙත් හා සරම් කිහිපයක් තිබි ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.

සැකකරු සොයා පුලියන්කුලම පොලිස් නිලධාරීන්, පුලියන්කුලම පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්,යුධ හමුදා නිළධාරීන් ඇතුළු නිළධාරීන් 500 කට ආසන්න පිරිසක් ඊයේ(02) දින‍යේ පුදූර් කැළෑව පරීක්ෂා කරනු ලැබීය.

පූදුර් ප්‍රදේශය ආශ්‍රිත කැළෑව තුළ පැරණි එල්.ටී.ටී.ඊ කඳවුරු පැවති බව ආරක්ෂක අංශ පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More