දේශීය පුවත්

සුමන්තිරන් මහත්තයා කියන විදියට නම් අපි වැඩ කරන්න සූදානම් නෑ. ගේනවා කියන ව්‍යවස්ථාව මොකක් වුණත් රටට හානිකර දෙයක් වෙනුවෙන් නම් අපි අත උස්සන්නෙත් නෑ. උතුරු – නැඟෙනහිර ඒකාබද්ධ කිරීමට අපි අත් උස්සන්නෙත් නෑ. ගේනවා කියන ව්‍යවස්ථාව හොඳ එකක් නම් ඒ ගැන හොඳට කල්පනා කරලා හොයලා බලලා සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. ගේන ව්‍යවස්ථාව හොඳ එකක් නම් අපේ විතරක් නෙවෙයි 225 දෙනාගේම වුණත් අත් ඉස්සෙන්න පුළුවන් යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ සූරියවැව වල්සපුගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදීය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

සුමන්තිරන් මන්ත්‍රිවරයා ගේනවා කියන ව්‍යවස්ථාව රටට හොඳ එකක් නම් පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව සියලු දෙනා අත උස්සාවි. රටට අහිතකර දෙයක් වෙනුවෙන් නම් අපි අපේ අත උස්සන්න බලාපොරොත්තුවක් නෑ. අවංකවම කියන්න ඕනේ පසුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යම් හානියක් වුණා.

මම ඒක නෑ කියන්නේ නෑ. ඇතැම් තීන්දු නිසා අපට මන්ත්‍රිවරු 06 දෙනකු අහිමි වුණා. ඒක අපිට ප්‍රශ්නයක් තමයි. අපි ගොඩක් කරගෙන ආව වැඩ නැවතුණා. දැන් අපි නැවතත් පුළුවන් විදියට ශක්තිමත් විය යුතුයි. අපි දැන් විරුද්ධ පක්‍ෂයට ඇවිත් ඉන්නේ හැමෝගෙම වගේ මතය වෙන්නේ විරුද්ධ පක්‍ෂයට ආවොත් ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වටා එකතු වෙනවා කියලයි. මගේ නම් අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කිරීම පමණයි. ඔය සියලු දෙනා තවමත් රැඳිලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිසයි. අපි සියලු දෙනා එකට එකතු වෙලා එක ගමනක් ගියේ නැතිනම් එහි වාසිය යන්නේ එක්සත් ජාතික පක්‍ෂයටයි.

ඒ නිසා පොහොට්ටුවත් තිබුණාවේ. ඔය මොක තිබුණත් කාගෙත් මහගෙදර වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි. ඒක කාටවත් අමතක කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අමතර පක්‍ෂ ලාංඡන අමතක කරලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වටා එකතු වුණොත් ඉදිරියේදී ජය නියතයි කියලා කියන්න පුළුවන්. වෙන් වෙලා මැතිවරණයකට ගියොත් පරාජය අත්වීම වළක්වන්නත් බෑ. ඉවත් වෙච්ච අය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමු වෙලා නෑ. ඒ අයත් නැවත අපේ ළඟට ගන්න තමයි අපි බලන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More