දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව වසරේ වැඩ ආරම්භ කිරීම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

පක්ෂ කාර්යාලයේ සේවය කරන පිරිස හා පක්ෂයට අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

බෞද්ධ, හින්දු, කතෝලික සියලු ආගමික වතාවත් මධ්‍යයේ නව වසරේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එම අවස්ථාවට සහභාගි වූ පිරිස අමතමින් බැසිල් රාජපක්ෂ මහතා මෙසේ කීය.

රටම මඩගොහොරුවක තිබුණු වෙලාවකයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බිහි වුණේ. අපේ පක්ෂය බිහිවෙන වෙලාවේ අපේ ජනතාවට දේශපාලනය කරන්න පක්ෂයක් තිබුණේ නැහැ. දැන් රටට අලුත් දැක්මක් අවශ්‍යයි. අලුත් තරුණ විද්වත් නායකයන් රට පුරා බිහිවිය යුතු කාලයක් මේක. අද සමාජය දූෂණ වංචාවලින් පිරිලා. නීතියේ ආධිපත්‍ය නැති වෙලා. කාන්තා හිංසනය වැඩි වෙලා. කාන්තාවකට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා. පිටරට සංචාරකයන් අපිට එවන ලියුම් දැක්කම හිතෙන්නේ අපේ රට සදාචාරය, සංස්කෘතික සභ්‍යත්වය පිරිහිලා කියලයි.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණ දිනනවා වගේම රට හදන කාර්යයත් අපේ පිට පැවරිලා තියෙන්නේ. අපි පක්ෂයක් විදියට අනෙක් සියලු පක්ෂවලට වඩා වැඩියෙන් වැඩ කළ යුතුයි. අනෙක් දේශපාලන පක්ෂවලට වඩා ජනතාවාදී හෘදයාංගම සේවයක් ජනතාව අපෙන් බලාපොරොත්තු වෙනවා. මේ වර්ෂය තමයි අපේ රටේ අනාගතය තීරණය කරන වර්ෂය.

ඒ වගේම දේශපාලන පක්ෂයක් විදියට අපි අපේ පක්ෂයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශනය මැතිවරණ කොමිසමට ලබා දෙන්න පියවර ගන්නවා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ටත්, සාමාජිකයන්ටත් පක්ෂයේ වාර්ෂික ගිණුම් ප්‍රකාශනය ලබාදෙනවා. මෙවැනි දෙයක් දේශපාලන ඉතිහාසයේ පළමුවරටයි සිදුවෙන්නේ. පක්ෂයක් වශයෙන් අපි විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම වඩා වැදගත් බවයි මම සිතන්නේ.
අපේ පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අවසරයෙන් එතුමාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙන්නේ. මේ වර්ෂයේ පැවැත්වෙන මැතිවරණ පොදුජන පෙරමුණ නායකත්වයෙන් ජය ගන්න අපිට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපිට තියෙනවා.

මෙම අවස්ථාවට පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More