දේශීය පුවත්

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන සිදු කළ හෙළිදරව්වක් හේතුවෙන් පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වුණි.

එම හෙළිදරව්ව සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යුද හමුදා පුහුණුවෙන් පලා ගිය පුද්ගලයකු බවට ඊයේ(02) අධිකරණයේදී කරුණු හෙළිදරව් විය.

එසේම ඔහු යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සේවයට බැඳීම සඳහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ඇති බවත් හෙළි වී තිබේ.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර සිදු කළ අනාවරනයන්ට අදාළව විභාග වන නඩුව අදත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැණුනි.

එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබූවේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට ඔහු සම්බන්ධ බවට පැහැදිළි සාක්ෂි මඟින් අනාවරණය වීම නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More