දේශීය පුවත්

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශය යටතේ ආයතන හතරක් පමණක් ගැසට් කර ඇත්තේ ඔහුගෙන් පලිගැනීමේ අදහසකින් නොව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (2) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා ඇත්තේ බෝඩ් ලෑලි වලට සීමා වූ ආයතන හතරක් බවට ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජනාධිපතිවරයා ඊයේ (1) පැවැති කැබිනට් රැස්වීමේදී මේ බව ප්‍රකාශ කර ඇත.

මෙය තමාගෙන් පලිගැනීමක් බවට කිරිඇල්ල ඇමැතිවරයා කර තිබූ ප්‍රකාශයකට ද ජනාධිපතිවරයා එහිදී පිළිතුරු දී ඇත.

තමාට කිසිවකුගෙන් පලිගැනීමේ අවශ්‍යතාවයක් නැති බව පවසා ඇති ජනාධිපතිවරයා අගමැති කාර්යාලයේ අමාත්‍යංශ ලැයිස්තුව එවීමේද ප්‍රමාදයක් සිදු වූ බවත් නව වසරේ අමාත්‍යංශවලට කටයුතු ආරම්භ කළ යුතු නිසා ගැසට් නිවේදනය හදිසියේම නිකුත් කළ බවත් සඳහන් කර තිබේ.

කිරිඇල්ල මහතාගේ අමාත්‍යංශයට ආයතන බෙදන ආකාරය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා ඒ අනුව සාකච්ඡා කර නිවැරදි කිරීමක් කරන්නේ යැයි ද පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More