මුහුණු පොතෙන්

2019 ජනවාරි 01 වෙනිදා රටට හා ශ්‍රී ලක්වාසි සැමට කෙසේ වෙතත් කිහිප දෙනෙකුට නම් වාසනාවන්ත අවුරුද්දක ආරම්භයක් විය. පසුගිය කාලය පුරාම බාල මහලු තරුණ හැමෝගෙම මහත් ආන්දෝලනයක් වූ හොරකමකි මහබැංකු බැදුම්කර වංචාව. එමගින් රටට අත් වූ පාඩුව අතිමහත්‍ ය.

එබදු මහා පරිමාණ හොරකමක් දකුණු ආසියාතික රටක සිදුවූ දැවැන්තම මූල්‍ය හොරකමකි. සුදු කරපටි , කලුකබා කරුවන්ගේ රාජකීය රෙජිමයේ රාජකීය ගේමකි. රනිල් වික්‍රමසිංහයන් ගේ පාසැල් මිතුරාගේ අද්වීතිය නිල සොරකමකි. මේ සදහා සැලසුම්ගත හවුල් කරුවන් මුදල් අමාත්‍යවරයෙකු වූ රවී කරුණානායක්ගේ සිට යහපාලන රජයේ බොහෝ මැති ඇමතීන් වීය. වෙනම විමර්ශනයක්ද ජනපති කොමිසමක්ද පත් කෙරිණි.

බොහෝ අයට මුදල් අල්ලස් දුන් බවට හෙළිදරව් වූ අතර ප්‍රධානතම සැකකරු වූ මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිගප්පූරුවට පලාගියේද අගමැති විකුම්සීහගේ නොනිල ආශිර්වාදය සමගිනි.. සිද්ධියට සම්බන්ධ ඔහුගේ බෑනාත් තවත් හෙංචයියෙක්ද අත් අඩංගුවට ගෙන පුරා මාස 11 ක් රිමාන්ඩ් භාරයේ තබන ලදි. එහෙත් ප්‍රධන හොරා වූ මේ රටේ පුරවැසිභාවය වත් නොමැති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රටින් පැන සැගව සිටී. තත්ත්වය එසේ තිබියදී ඔක්තෝබර් 26 යහපාලන රජය බිදවට්ටවා මහින්ද රාජපක්ෂයන් අගමැති තනතුරේ හොවා අලුත් ආණ්ඩුවක් නිර්මාණය කලේය. මුලුරටම බලා සිටියේ ඔවුන්ට වහ වහා දඩුවම් දෙනු ඇතැයි කියාය. එහෙත් සිදුවූයේ මහින්දගේ ආණ්ඩුව පලවා හැරිමට සංග්‍රාමයක් ඇරඹිමය.

මහබැංකු හොරකමින් ගත් සුවිසල් මුදල් කන්දරාවත් දෙමළ ඩයස්පෝරාවේ ජාත්‍යන්තර ධනස්කන්දයත් යෙදවිණි. එහි ප්‍රථිඵලය වූයේ රනිල් වික්‍රමසිංහයන් නොවැම්බර් 26 යලිත් අගමැතිවරයා වීමය. ඒ සමගම ඔහුගේ අගමැති ධූරය යලි ලබා ගැනීමට දායක වූ සැමට ප්‍රජාතන්ත්‍රවාදය හා සහනය ලබාදීමේ ක්‍රියාන්විතය ඇරඹිණි.එහි වඩාත්ම වාසියත් සහනයත් ක්ෂණිකව ලැබුනේ මහබැංකු වංචාවට සෘජුවම සම්බන්ධ වූ ප්‍රධාන පෙලේ අයටය.

නව වසරේ සුපිරිතම ත්‍යාගය ලැබුනේ ආණ්ඩුවෙන් හොරුන්ටය. අධිකරණ ක්‍රියාවලිය පිලිබදව යලිත් මතබේදාත්මක ඇපදීමක් සිදුවිය. ඒ සුදු කරපටි හොරුන්ටය. ඔවුන්ගේ දරුවන් හා බිරිද එකවර ලෙඩවී මානසිකව දුර්මුඛ වෙලාය.අහෝ ඛේදයක තරම කුවේණියක් විසින් ජාතියට උරුම කල අතීත අනාගත සාපය යලි පසක් කෙරිණි.

මහා පරිමාණ හොරුන්ගේ බිරින්දෑ වරුන්ටත් දරුවන්ටත් සප්ත මහා කරුණාව දක්වන අධීකරණය ඇත්තෙන්ම විශිෂ්ඨය.වසර 30ක් පුරාවට මුලු රටම ගිලගත් ත්‍රස්තවාදයෙන් මේ රට මුදවා ගත් රණවිරුවන් සිරගෙවල් වල සිටියත් ඔවුන්ගේ දරුවන්ගේ බිරින්දෑ වරුන්ගේ මානසිකත්වය අවුලක් නැත. ඒ නිසාම ඔවුන් ලෙඩ වන්නේද නැත. කරුමයක හැටි. ..

කුමට එරට අධිකරණය

නීතිය හා විනිසුරන්……

මේ අර්ජුන් ඇලෝසියස්ලා හා කසුන් පළිහවඩනලාය…..
ඒ ත්‍රස්තවාදයෙන් රට බේරාගැනිමේ වරදට සිරබත් කන රණවිරුවෝය…

රජරට අනුරාධ තෙන්නකෝන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More