විදේශ පුවත්

ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය පිටත පදික වේදිකාවේ වාඩිවී තම සටහන් ගැන නිරීක්‍ෂණය කරන මේ පුද්ගලයා ස්‌විස්‌ ජනාධිපති ඇලන් බර්සට්‌ය.

73 වැනි එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගි වීම සඳහා බර්න් නුවර සිට ඇමරිකාවට ගිය බර්සට්‌ ඉහළම ගාස්‌තුවක්‌ අයකරන හෝටලයක කාමරයක්‌ වෙන්කර ගත්තේ නැත.

ජනාධිපති ලෙස කුඩා කාමරයක ලැගුම් ගැනීමෙන් මගේ තත්ත්වය පහළ වැටෙන බවට ප්‍රශ්න කළේ නැත. ඔහු නිව්යෝර්ක්‌ නුවර කුඩා මහල් නිවසක්‌ කුලියට ගෙන තම කාර්ය මණ්‌ඩලය සමග එහි වාසය කළේය. ඇලන් බර්සට්‌ තම ආහාරපාන පවා ඔහු විසින්ම සකස්‌ කරගත් බව අනාවරණය විය.

මෙයට කලකට පෙර ස්‌විස්‌ ජනාධිපති ඇලන් බර්සට්‌ ජිනීවා නුවර දුම්රිය වේදිකාවේ සිටින අයුරු හෙළිවිය.

එසේම සති කීපයකට පෙර ස්‌විස්‌ මන්ත්‍රී ඩෝරිස්‌ ලියුනාද් මගීන්ගෙන් පිරි දුම්රියක ඉහළ මාලයට ගොඩවන තරප්පු පෙළක වාඩිවී සිටින අයුරු අනාවරණය විය.

ස්‌විස්‌ ජනාධිපති බර්සට්‌ නිව්යෝර්ක්‌ නුවර පදික වේදිකාවේ වාඩිවි සිටීමේ ක්‍රියාදාමය ස්‌විස්‌ මාධ්‍ය දැඩි ඇගයීමකට ලක්‌කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More