දේශීය පුවත්

පසුගියදා ජනාධිපතිවරයා ලබා දුන් ‘බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව’ චූදිතයන් අතට පත් වී ඇති බවටත් එය ඔවුන් විසින් වෙනස් කරමින් සිටින බවටත් තොරතුරු ලැබී ඇති බවත් එම වාර්තාවෙහි අකුරක් හෝ වෙනස් කර තිබුණොත් සෙසු ජ‍්‍රජාතත්න‍්‍රවාදී බලවේග සමග එක්ව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද (16) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘ලංකා ඉතිහාසය තුළ පමණක් නොවයි ලෝක ඉතිහාසය තුළත් රටක ආර්ථිකයට සිදු කළ බරපතළම අපරාධය තමයි ශ‍්‍රී ලංකා මහ බැංකුව මහ දවල් බිඳපු එක. මේ මහා අපරාධය මහා මංකොල්ලයට දැන හෝ නොදැන මෙරට ජනාධිපතිවරයා ද අවස්ථා තුනක දී හවුල් වී තිබුණා. පළමු අවස්ථාව තමයි, මහ බැංකුව මුදල් අමාත්‍යවරයාගෙන් ඉවත් කොට අගමැතිවරයාට පැවරීමේ ගැසට් නිවේදනයට අත්සන් කළ අවස්ථාව. දෙවැනි අවස්ථාව අගමැතිවරයා තම සිංගප්පුරු ගජ මිතුරා මහ බැංකු අධිපති ධුරයට නිරේද්ශ කළ අවස්ථාෙවිදී එය පිළිගෙන අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කිරීම. තෙවන අවස්ථාව තමයි ප‍්‍රශ්නගත පළමු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව එවකට කෝප් කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මන්ත‍්‍රීවරයා විසින් 2015 ජුනි 28 වැනිදා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී 2015 ජුනි 26 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිය විධායක බලතල අනිසි ලෙස යොදා ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.

ජනාධිපතිවරයා ද මේ මහා මංකොල්ලයට හවුල් බවට මේ රටේ බුද්ධිමත් ජනතාවට මේ නිසා පෙනී යමින් තිබුණා. ඒකාබද්ධ විපක්‍ෂය ඇතුළු මේ රටේ සැබෑ ආණ්ඩු විරෝධී බලවේග මේ මහා මංකොල්ලයට එරෙහි දැවැන්ත ජනමතයක් ගොඩනගමින් සිටියා. මේ සියල්ල නිසා තමයි ජනාධිපතිවරයාට මෙවැනි බලසම්පන්න ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට සිදු වුණේ. තමන් ජනාධිපති පුටුවට පත් කරපු ණය ගෙවීමට තිබූ නිසා ජනාධිපතිවරයා ‘මේ මහා මංකොල්ලයේ මහ මොළකරු ඇතුළු අලි නායකයින් රැුක ගත යුතුයි’ කියන තැන වසර 02ක් තිස්සේ සිටි බව පෙනෙනවා. බැරිම තැනයි කොමිසම දැමුවේ.

‘පළමුව කළ යුතු දේ’

කොමිෂන් සභාවේ වාර්තාව එළි දැක්වූවාට ජනාධිපතිවරයා පළමුව කළ යුතුව තිබුණේ කුමක්ද? මේ රටේ ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය පවරා දෙනු ලැබූ එක් උත්තරීතර ආයතනයක් වූ ද මේ රටේ මූල්‍ය පාලනය හිමිව ඇත්තා වූ ද පාර්ලිමේන්තුව වෙත පිළිගැන්වීමයි. නමුත් එය සිදු වූයේ නැහැ. මෙම වාර්තාව ජනාධිපතිවරයා අතට පත් වූයේ 2017 දෙසැම්බර් 31 වැනිදායි. පසුගිය ජනවාරි 10 වැනිදා පාර්ලිමේන්කුවට එය ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තුව කතානායකවරයා විසින් කැඳවා තිබුණත් ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තම ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබුණේ නැහැ.

‘රවීට එරෙහි නිර්දේශ 02ට මොකද වුණේ?’

මෙම කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් ජනාධිපතිවරයා විසින් පසුගියදා පෙන්වා දුන්නේ හිටපු මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායකට එරෙහිව කොමිසම මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර ඇති බවයි. පළමු නිර්දේශය, අර්ජුන ඇලෝසියස්ගෙන් පෙන්ට් හවුස් නිවාස සංකීර්ණයෙහි නිවසක් සඳහා කුලී මුදල් ලබා ගැනීමට එරෙහිව අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිසම හරහා නඩු පවරන ලෙසයි. දෙවැනි නිර්දේශය, ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප‍්‍රකාශ සිදු කිරීම නම් සාපරාධී කටයුත්තට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ නඩු පවරන ලෙසයි. නමුත් දැන් මේ නිර්දේශ නිකුත් වී දින 17යි. රවී කරුණානායක නිදැල්ලේ ඉන්නවා. ඒ විතරක් නොවෙයි මේ කොමිෂන් සභා වාර්තාව අගමැතිතුමන්ට සහ තමන්ට ලැබුණු බවත් කියනවා.

අපට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් මගින් තොරතුරු ලැබී තිබෙනවා, මේ චූදිතයන් දැනට නිකුත් කර ඇති කොමිෂන් සභා වාර්තාව තමන්ට නීතියේ දැලෙන් රිංගා යා හැකි ආකාරයට වෙනස් කරමින් සිටින බවට. මේ කොමිෂන් සභා වාර්තාවේ අනතුරක් හෝ වෙනස් කරනවා නම් ඊට එරෙහිව සෙසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සම`ග එක්ව නීතිමය පියවර ගැනීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම්. ඒ වගේම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා, ‘එවැනි පාප කර්මයකට හවුල් වී ජනතා අධිකරණය හමුවේ වරදකරුවකු වෙන්න එපාෟ’ කියලා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More