දේශීය පුවත්

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය ඉරිදා ෆොන්සේකා මහතා පිළිබඳ දැඩි විවේචනයක් සිදු කර සිටියේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(01) ඊට ප්‍රතිචාර දැක් විය.

ගංවතුරින් ආපදාවට ලක්වූ කිළිනොච්චිය ප්‍රදේශයේ පසුගියදා සංචාරයක නිරත වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ක්‍රියාකලාපයන් මෙලෙස විවේචනයට ලක් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම ගැන අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, හරකෙක් ලෙස හැසිරීම නිසා ඔහුව මෙල්ල කිරීමට සිදු වු බවයි.

පසුගිය කාලයේ වාහන 3 ක් ලබා දී තිබිය දීත් බොරු කියමින් වාහන රැගෙන ගොස් ඇති බවත්, තමාගේ වාහනය නිවැසියන්ට ලබා දී ඇති බව ද කියා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සියලු දේ සිදු කළ නොහැකි බවත් පැවසූ ෆොන්සේකා මහතා ඔහුට “පොරිසාදයෙක්“ යැයි පැවසීම අළුගෝසුවෙක් වීමට වඩා යෝග්‍ය වන බව ද කියා සිටියේය.

පින්නවල පැවති රැස්වීමක් අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා පැයක් පුරා අලී නෑවු බවත් පැවසු ෆොන්සේකා මහතා, තමා නොමැති නම් ඔහු වෙඩි පහරට ලක්ව ඇති බව ද පැවසීය.

මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයන්ට වැඩිදුරටත් අදහස් දැක්වු සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.

අපි දැක්කා උතුරේ ළිං වලට බැහැලා වැඩ කරනවා ?

එයාව ඉතිං කම්කරුවෙක් හැටියට බඳවා ගන්න. පින්නවල අලිබෙටි සුද්ද කරන්න කියාපු කෙනෙක්.

හැබැයි එතුමට අගමැතිතුමා නි.ඇමතිකමක් ආපහු දීලනේ ?

දයා ගමගේට දෙවි පිහිටයි. නිලධාරීන් ගැහුවේ නැත්නම් පුදුමයි.

ඔබතුමාට ඉදිරියේදී අමාත්‍ය ධූරයක් ලැබෙයිද ?

ව්‍යවස්ථාවේ ඇමතිවරු පත්කරන විදිය කියලා තියනවා. මගේ නම යෝජනා කිරීම තමයි අගමැතිගේ උපදෙස් දිලා තියෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කිරීම ව්‍යවස්ථාව කඩකිරීමක්. අපි අධිකරණයට ගිහිල්ලා ඒක බේරගන්නවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More