මුහුණු පොතෙන්

ලොරියේ ඉදිරිපස තඩි අකුරෙන් “සම්බුදු සරණයි” කියා ලියා ඇත..ලොරිය පිටුපස “සුමන සමන් දෙවි පිහිටයි” කියා ලියා ඇත..සුක්කානමට ඉදිරියෙන් නිවි නිවී දැල්වෙන බල්බ් සවිකල කුඩා බුදු රුවකි..
ලොරියේ පටවා ඇත්තේ මස් පිනිස අනවසරයෙන් කොලඹට ප්‍රවාහනය කරන හරක් රොත්තකි..කෙටියෙන් කිවහොත් මේ ‘හොර හරක් ලොරියකි”

රනිල්,සුමන්තිරන්,චන්ද්‍රිකා,අනුර කුමාර ද්‍රෝහී හවුල විසින් ගෙන එන්නට සැරසෙන ව්‍යවස්ථාවද සීයට සීයක්ම ⁣පෙරකී “සම්බුදු සරණයි” කියා ලියා ඇති හොර හරක් ලොරියට සමානය..

ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛස්ථානයක් දෙන බවත්,ඒකීය වචනය ඉවත් නොකරන බවත් රනිල් දැන් සිටම පාරම් බාන්නේය..
පසුගිය දින කිහිපයේ සිට රනිල් තරම් සැදැහැවත් බෞද්ධයෙකු මිහිමත නැති තරම් තරම්ය..??

ඔය කියනා ආකාරයට සීනිබෝල වචන කිහිපයක් මුලින් තවරා, බහුතර සිංහල බෞද්ධ ජනයාත් රටේ ඒකීය බව අගයන සිංහල,දෙමළ,මුස්ලිම් ජනයාත් නොමඟ යවා, එකී ව්‍යවස්ථාව තුල ඉතිරි අන්තර්ගතය තනිකරම බෙදුම්වාදය ශක්තිමත් කරන,රට කැබලි අටකට කඩන ෆෙඩරල් පාලනයක් ගෙන එන බවට සුමන්තිරන්-රනිල්-අනුර කුමාර හවුලත් ඊනියා ජාත්‍යන්තරයත් ගසන බෙර පද දෙස විමසිල්ලෙන් අසා සිටින විට හැඟේ..මේ ව්‍යවස්ථාව සම්මත වුවහොත් ලංකාව ගැන තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීම උගහටය..කැබලි වලට කැඩී,සිවිල් අරගල වලින් අලු දූවිලි වී ගිය ඉරාකයට සහ ලිබියාවට අත්වූ විනාශයට එය දෙවෙනි වන්නේ නැත..

ඒ නිසා අදින් ඇරඹෙන 2019 වසර ශ්‍රී ලංකාව නම් කුඩා දූපතේ ඉරණම තීන්දු කරන අතිශය අභියෝගාත්මක වසරකි.. දෙකෝටි විසිලක්ෂයකුත් තරමක් වැඩි ලංකාවේ මහජනතාව අතරින් බහුතරය ඒ බව නොදන්නා බව දන්නා නිසා ඒ ගැන දන්නා අපට ඇත්තේ ත්‍රාසයකි,භීතියකි,චකිතයකි…

-මාලින්ද ඩයස්-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More