දේශීය පුවත්

අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ ඇතුළුව රටපුරා රෝහල්වල විශාල ඖෂධ හිඟයක් ඇති වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ නිසා රෝගී ජනතාව සේම, වෛද්‍යවරුන්ද දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බවත්, මේ නිසා මේ පිළිබඳ සොයා බැලීමට හා පසුගිය වසර තුළ සිදු වූ ඖෂධ ජාවාරම් ක්‍රියා සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිසමක් පත් කළ යුතු බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

පිළිකා ඖෂධවලට අමතරව වකුගඩු බද්ධ කිරීමෙන් පසු රෝගී ජීවිත ආරක්ෂා කිරීමට ලබාදෙන ඖෂධවලද විශාල හිඟයක් ඇති වී ඇතැයි ඔහු පවසා සිටියේය.

ඊයේ (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය කාලයේදී නිකුත් කර තිබෙන චක්‍ර‘ලේඛ නිසා රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ට මුදලට ඖෂධ මිලදීගැනීම සඳහා නිර්දේශ කිරීමට නොහැකි බවයි.

පසුගිය වසරේදී විශාල ඖෂධ ජාවාරම් සිදු වූ බවත්, ඒ පිළිබඳ සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.

ඒ සඳහා විශේෂ විමර්ශනයක් සිදුවිය යුතු බවත්, පසුගිය වසරට ඖෂධ මිලදී ගැනීමට මුදල් වෙන්කර තිබියදීත් නිසිලෙස ඖෂධ මිලදී ගෙන තිබේද නැද්ද යන්න පිළිබඳවද සොයා බලා වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

සමහර අවස්ථාවල ඖෂධ හිඟවීමට හැර හදිසි මිලදීගැනීම් යටතේ මිලදී ගන්නා ක්‍රියා සිදුවන බවත්, එහිදී කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගැනීම් සිදුවන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More