දේශීය පුවත්

අර්ජුන්ට සහ කසුන්ට ඇප

January 1, 2019 3:20 pm | Lanka Lead News

බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(01) නියම කළේය.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් මිලියනයක මුදල් ඇප සහ රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් හතර දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බව ද නියම කර තිබේ.

ඒ අනුව සැකකරුවන්ගෙ විදේශ ගමන් සම්පූර්ණයෙන්ම තහනම් කළ අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බව නියම කළේය.

එමෙන්ම සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලීසිය හමුවේ වාර්තා කළ යුතු බවටද මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියම කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More