Uncategorized

හමුදාවට සහ තමන්ට පව් වසාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවද දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා සටන් කළ බවද උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවද විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31) පැවසීය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ තංගල්ල හේනකඩුව පුරාණ විහාරයේ පැවැති ආගමික උත්සවයකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.

‘‘උතුරු පළාත් හිටපු අමාත්‍යවරයා කියූ පරිදි හමුදාවට හෝ අපිට පව් වහගන්න අවශ්‍යතාවයක් නැහැ. අපි එය බොහොම පැහැදිලිව කියන්න ඕන.

අපි කළේ රට වෙනුවෙන් ජාතියක් වෙනුවෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් රැකදීම සඳහා වූ සටනක්. ත්‍රස්තවාදයට විරුද්ධවයි අපි සටන් කළේ. දෙමළ ජනතාවට නෙවෙයි. ත්‍රස්තවාදයට පන්දම් අල්ලපු සමහරුන්ට අද පේන්නේ හැම හමුදා නිලධාරියාම වැරදි විදියට. මම කණගාටු වෙනවා මෙහෙම ප්‍රකාශ කිරීම ගැන.

රටේ තත්ත්වය පිළඳව ජනතාව හරියට තීන්දු කරයි. ජනතාව දන්නව දැන් මේ ආණ්ඩුවට බැහැ කියල. ඒ නිසා ඉදිරියේදී මැතිවරණ ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More