දේශීය පුවත්

තමන් කලින් දරන ලද වනජීවී නියෝජ්‍ය ඇමැතිකම දරන ලද්දේ සරත් ෆොන්සේකා මහතාගේ ඇමතිධූරය යටතේ බවත් ඔහු පෝරිසාදයෙක් බවත් නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළකරන ලද්දේ උතුරේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා කිලිනොච්චියේ ගොස් සිටි අවස්ථාවකදී මාධ්‍ය අමතමිනි.

ෆොන්සේකා මහතා හිටපු හමුදාපතිවරයෙක් වුවද තනිකරම පෝරිසාදයෙන් යයිද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් නියෝජ්‍ය ඇමැති ධුරයේ කටයුතු කරද්දී ෆොන්සේකා මහතා නිසා ඒවා දරා සිටීමට නොහැකි වූ බවද පැවසීය.

තමන් දිනක් යාල කැලේ වලහෙක් බේරා ගන්න ගිය අවස්ථාවේ තමන් කැලේ මැද බස්සවා වාහනය ආපසු ගෙන්වා ගත් බවත් ෆොන්සේකා සිතා සිටින්නේ ඒවා ඔහුගේ අම්මා අප්පාගේ දේපලක් ලෙස බවත් තෙවරප්පෙරුම මහතා චෝදනා කරයි.

මෙවර සරත් ෆොන්සේකා මහතාට ඇමතිධුරය නොලැබී ඇත්තේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය අනුව බවත් ඔහුට ඇමති දුන්නා කියා වැඩක්ද නැති බවත් ඔහු සඳහන් කළේය.

එම වීඩියෝව පහතින්,

"මේකා හමුදාපතිවරයෙක් නෙවෙයි පෝරිසාදයෙක්"

"මේකා හමුදාපතිවරයෙක් නෙවෙයි පෝරිසාදයෙක්" – තෙවරප්පෙරුම ෆොන්සේකාව පතුරු ගසයි

Gepostet von Lanka Lead News am Montag, 31. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More