Uncategorized

“2019 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හැත්තෑ එක්වන නිදහස් දිනය නොවන්නට ඉඩ තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී පෙඩරල් සමූහාණ්ඩුවේ නිදහස් දිනය බවට එම දිනය පත්වන්නට පුළුවන්. නව ව්‍යවස්ථාව පෙබරවාරි මාසයේ 4 වෙනිදා ට ප්‍රථම ව සම්මත කරගන්නා බවට මේ දිනවල සූරයන්ගෙත් සූරයා නොහොත් සූර චෞරයා ගේ චරිතයට පණ පොවන ද්විත්ව පුරවැසිධාරී ඒබ්‍රහිම් සුමන්තිරන් මන්ත්‍රීතුමන් කරන ප්‍රකාශයන්ට අනුව අපට එහෙම හැඟෙනවා. මංගල සමරවීර මහතාගේ ඉන්ධන මිල සුත්‍රය ගැන බොහෝ දෙනා කතා වුණා. එම ඉන්ධන මිල සුත්‍රයටත් එහා ගිය බරපතළ සුත්‍රයක් දැන් ක්‍රියාත්මකයි. එය මිල සුත්‍රය නොවෙයි බල සුත්‍රයයි. හැබැයි ඉන්ධන මිල සුත්‍රය වගේ තේරුම් ගන්න අමාරු නැහැ මේ බල සුත්‍රය.”

මිල සූත්‍රයටත් වඩා භයානක බල සූත්‍රයක් මේ වන විට ක්‍රියාත්මක බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රචාරක ලේකම්වරයා.

2019 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හැත්තෑ එක්වන නිදහස් දිනය නොවන්නට ඉඩ තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී පෙඩරල් සමූහාණ්ඩුවේ නිදහස් දිනය බවට එම දිනය පත්වන්නට පුළුවන්. නව ව්‍යවස්ථාව පෙබරවාරි මාසයේ 4 වෙනිදා ට ප්‍රථම ව සම්මත කරගන්නා බවට මේ දිනවල සූරයන්ගෙත් සූරයා නොහොත් සූර චෞරයා ගේ චරිතයට පණ පොවන ද්විත්ව පුරවැසිධාරී ඒබ්‍රහිම් සුමන්තිරන් මන්ත්‍රීතුමන් කරන ප්‍රකාශයන්ට අනුව අපට එහෙම හැඟෙනවා.

මධ්‍යම රජයෙන් සහ ආණ්ඩුකාරවරයාගේ බලපෑම්වලින් තොර බලයක් පළාත් සභාවලට ලබා ගැනීම සඳහා නව ව්‍යවස්ථාව ගෙන එන බවත්, එක්සත් ජාතික පක්ෂයත් ද්‍රවිඩ සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ව සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පෙබරවාරි 4 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා. මධ්‍යම රජයේ බලපෑමෙන් තොර ස්වායක්ත වූ බල ඒකකයක් බවට පළාත් සභාව පත්වීම යනු පෙඩරල් ක්‍රමයක් ස්ථාපිත වීමයි. එසේ නම් මේ ගෙන එන්නේ පෙඩරල් ව්‍යවස්ථාවක්.

මේ අවස්ථාවේ හොර ගල් අහුලමින් සිටිනා එක්සත් ජාතික පක්ෂය සහ ඊට උඩ ගෙඩි දෙන ජනතා විමුක්ති පෙරමුණ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද? මේ අයුරින් මධ්‍යම රජයේ සහ ආණ්ඩුකාරවරයාගේ බලපෑම්වලින් තොර පළාත් සභා සහිත නව ආණ්ඩු ක්‍රමයක් ගෙන ඒමේ ක්‍රියාදාමයේ ඔවුන් සිටිනවාද යන්න එජාපය හා ජවිපෙ ජනතාවට හෙළිකළ යුතුයි.

දැන් ඉතා පැහැදිලි රනිල් වික්‍රමසිංහට තියන ආදරයක් නිසා නොවෙයි දෙමළ ජාතික සන්ධානය ඔහුට සහාය දැක්වූයේ කියන කාරණය. දෙමළ ජාතික සන්ධානය වඩාත් කැමතියි කොටියාට මිස සමනලයන්ට නොවේ. එදා කතාවට කිව්වේ බලලා මල්ලෙන් එළියට පනිනවා කියලයි. නමුත් මේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් පස්සේ කියන්නට වෙන්නේ කොටියා මල්ලෙන් එළියට පැන්නා කියලයි. ඒ නිසා දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දුන්නේ පෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට කියන එක අද ඉතා පැහැදිලියි. මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණත් ගරිල්ලා සටන් කරුවන් සේ මේ අශුද්ධ මෙහෙයුමට පසුබිමින් දායක වෙමින් සිටිනවා.

අන්න ඒ නිසයි අපි කිව්වේ අලි කොටි නරි අශුද්ධ හවුලක් ඇතිවී තිබෙන බව. ඒ අශුද්ධ හවුල රටට අවුලක් විනාශයක් ගෙන එමින් තියෙනවා.

මංගල සමරවීර මහතාගේ ඉන්ධන මිල සූත්‍රය ගැන බොහෝ දෙනා කතා වුණා. එම ඉන්ධන මිල සූත්‍රයටත් එහා ගිය බරපතළ සූත්‍රයක් දැන් ක්‍රියාත්මකයි. එය මිල සූත්‍රය නොවෙයි බල සූත්‍රයයි. හැබැයි ඉන්ධන මිල සූත්‍රය වගේ තේරුම් ගන්න අමාරු නැහැ මේ බල සූත්‍රය. මෙන්න ඒ බල සූත්‍රය.

බල සූත්‍රය

බහුතරය = එජාපය + දෙමළ ජාතික සන්ධානය + ජනතා විමුක්ති පෙරමුණ

එජාපය + දෙමළ ජාතික සන්ධානය + ජනතා විමුක්ති පෙරමුණ = ෆෙඩරල් ව්‍යවස්ථාව

බහුතරය = ෆෙඩරල් ව්‍යවස්ථාව

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර මහතා

ගං වතුරෙන් විපතට පත්වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් උදව් උපකාර කළේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට එරෙහිව පවතින යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමට යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා පසුගියදා කිලිනොච්චියේ දී ප්‍රකාශ කළා. අප ඔහුගේ ප්‍රකාශය පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. රටක හමුදාවට එරෙහිව මෙවැනි බොරු චෝදනා නගන්නට ඔවුන්ට තවත් ඉඩදිය යුතු නැහැ. මොකද රටක හමුදාවක් විසින් ඉටු කරන්නේ ගෞරවාන්විත සේවයක්. මෙවැනි වර්ගවාදී ගෝත්‍රවාදී පුද්ගලයන්ට එරෙහිව නීති සම්පාදනය කළ යුතුයි. මෙවැනි ප්‍රකාශ සිදුකරන විග්නේෂ්වරන් සුමන්තිරන් වැනි පුද්ගලයන් සිටිය යුත්තේ සිරගෙවල්වලයි.

පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා මාධ්‍ය හමුව හා එක්වෙමින් දැක්වූ අදහස්.

රටට ආදරේ කරන නායකයන් නොයෙකුත් හේතු දක්වමින් රටින් අයින් කරමින් යන යුගයක් මේක. රටට හානි කරන නායකයන් දෙස් විදෙස් බලවේග වල ආධාරයෙන් ඉස්මතු වෙන්න දඟලන යුගයක් මේක. එවැනි යුගයක විදෙස් බලවතුන්ගේ උවමනාවන් වලට අනුව තැනෙන නව ව්‍යවස්ථාවෙන් සිදුවන්නේ මේ රට අගාධයකට ඇදගෙන යාමයි. දෙමළ ජාතික සංධානයේ මූලිකත්වයෙන් මේ ගෙන එනු ලබන ව්‍යවස්ථාමය වැඩපිළිවෙළ කුමක්දැයි මේ රටේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය යුගයේ අවශ්‍යතාවය අප ඔබ සියලු දෙනාට පැවරී තිබෙනවා. රටේ ඒකීයභාවය වෙනුවෙන් අත්පා අහිමි කර ගත්ත රණවිරුවන් අද ගම්වල ඉඳන් ප්‍රශ්න කරනවා අප මෙලෙස අත්පා අහිමි කර ගත්තේ පෙඩරල් ආණ්ඩුවක් හදන්න ද කියලා. එදා උණ්ඩයෙන් දිනා ගන්නට බැරි වුනු එය අද එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් සමග එකතුවෙලා දිනාගැනීමට දෙමළ ජාතිවාදය දරන උත්සාහය අපි පරාජය කිරීමට කටයුතු කළ යුතුයි.

අරවින්ද අතුකෝරල
මාධ්‍ය ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More