ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිදු කරුණක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමරිකානු තානාපතිවරයා අතර හමුවක් ඊයේ(15) කොළඹ දී සිදු වූ අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කොට ඇති අතර විශේෂ ලිපියක් ද එම අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට බාරදී තිබේ.
විග්නේශ්වරන් මහතා මෙහිදී අවධාරණය කොට ඇත්තේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයෙන් ශ්‍රී ලංකා රජයට ඉටු කිරීමට නිර්දේශ කරන ලද කරුණු යළිත් වරක් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට යළි මතක් කොට දිය යුතු බවයි.
මේ නිසා ලබන මාර්තු මාසයේදී ජිනීවා නුවරදී පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වෙනි සැසිවාරයේදී අනිවාර්යෙන්ම මේ කරුණු ඉටු කරන මෙන් ශ්‍රී ලංකා රජයට බල කල යුතු බව පවසා ඇති ප්‍රධාන අමාත්‍යවරයා යම් රජයක් විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය විසින් නිර්දේශ කරණු ලබන දේ ඉටු නොකළහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ගයන් ඉතා පැහැදිලි විය යුතු බවද පෙන්වා දී තිබේ.
රජය නව ව්‍යවස්ථා සංශෝධනයකට යන බවත් ඉන් උතුරු නැගෙනහිර අර්බුදයට විසදුම් රැසක් ලැබෙන බවත් පසුගිය සැසිවාරයේදී ප්‍රකාශ කලත්, මේ වන තුරු නව ව්‍යවස්ථා සංශෝධනයක් පිලිබදව අපේක්ෂාවන් දල්වා ගැනීමට හැකියාවක් නොමැති බව ද ප්‍රධාන අමාත්‍යවරයා ඇමරිකානු තානාපතිවරයාට පෙන්වා දී තිබේ.
වඳුරු පැපොල (monkeypox) රෝගය මේ වන විට රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින අතර ගල්ෆ් කලාපයට ද පැතිර ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. ...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවයක දේශනයකදී මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ අද වන විට මෙ...
රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මෙරට රුපියල් ආදායම අඩුවී ගොස් ඇති නිසා තවත්...