දේශීය පුවත්

‘‘අවි අරගෙන සටන්කරලා දිනා ගන්න බැරිවෙච්චදේ ව්‍යවස්ථාවකින් පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද සංඛ්‍යාවක් පෙන්නන්න සහයෝගය දීමෙන් දිනාගන්න පුළුවන් කියලා හිතනවනම් මම හිතන්නෑ ඒක හරි ක්‍රියාවක් කියලා.ඒක ලබා දෙන්න බැදීමක් තියෙනවද කියලා අපිට ප්‍රශ්ණයක් තියෙනවා. මේ ලංකාව බෙදන්න පුළුවන් කමක් නැහැ. මේ රට කෑලි වලට කඩල වෙන් කරන්න බැහැ. ඔබ දන්නවා තිස් අවුරුදු යුද්ධය තුළ මේ ප්‍රදේශයේ ජනතාව දුක් වින්ද බව.රට වෙන්කරනවාට විරුධවද තමයි ඒ සටන කළේ .“

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කලේ නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධීපති කර්මාචාර්ය ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත ළිදවැවේ අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේට උතුරු මධ්‍යම දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය හිමි වීම නිමිත්තෙන් නොච්චියාගම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පිළිගැනීමේ උත්සවයක් අමතමිනි. දේශශක්ති සමන් හේවාකණ්බි මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකල නව දෙමහල් සංඝා වාසය සඝ සතුකර පුජා කිරීමද හිටපු ජනාධිපතිවරයා වෙතින් මෙහිදී සිදු විය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මේ රට කොයි ආකාරයෙන්වත් බෙදන්න,වෙන්කරන්න,කෑලි වලට කඩන්න මෙ රටේ ජනතාව ඉඩදෙන්නේ නැහැ කියන එක නම් අපිට විශ්වාසයි.ඒක අපි බොහොම පැහැදිළිව කියනවා.අද අපේ දේපල සම්පත් විකුනනවා. පහුගිය කාලේඉවක් බවක් නැතුව විකුණලා දැම්මා. මත්තල ගුවන් තොටුපල විකුනන්න දාලා තියෙනවා.හම්බන්තොට වරාය විකුනන්න දාල තියෙනවා.ඉඩ කඩම් විකුනන්න දැන් ත්‍රීකුණාමළය වරාය විකුනල විතරක් නෙවෙයි හමුදා කදවුරු දාන්න පිට රුටියන්ට ලබා දෙන්න වැඩකටයුතු සකස් වෙමින් වාර්ථාවක් ඉදිරිපත් වෙලා තියෙනවා.එහි ත්‍රීකුණාමළය සිට මන්නාරම දක්වා මංතිරු අටක පාරක් හදන්න යනවා. මම දන්නැහැ ඇයි කියලා. පාරහදලා මෙහි දෙපැත්තට කඩලා වෙන්කරන්න යෝජනා තියනවා කියලයි අපිට දැනගන්න තියෙන්නේ.එහෙමනම් ජනතාව මේවා පිළිබදව අවබෝධ කරගෙන වැඩ කටයුතු කල යුතුයි කියලයි මාවිශ්වාස කරන්නේ. මේ රට ඔබෙයි.

මේ රට තුල සියළුම ජාතින් ජීවත්වන, සියළුම ජාතීන් ජිවත් විය යුතුයි.මෙය හමෝටමඅයිතිවාසිකම් තියෙන රටක්.මේ රට කෑලිවලට කඩලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එයට සියළුම ජාතීන් විරුද්ද විය යුතුයි කියලයි මා විශ්වාශ කරන්නේ. ගරුතර මහා සංඝරත්නය අද කරගෙනයන ඒ ජාතික ප්‍රශ්ණ පිළිබද ඉදිරිපත් වීම ඇත්ත වශයෙන්ම අපට එක්තරා විදිහකට සැනසීමට කාරනයක් බව මහා සංඝරත්නය ඉන්න අවස්ථාවේ ප්‍රකාශකකල යුතුවෙනවා.

අගමැති තුමා ප්‍රකාශ කරලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට තියෙන තැන වෙනස් වෙන්නේ නැහැ කියලා.අදත් ව්‍යවස්ථාවේ තියෙනවා බුදු දහමට මුල්තැන ලැබෙනවා කියාලා.බුදු දහමට මුල්තැන තිබෙන බව ව්‍යවස්ථාවේ තිබුනට මදි.අද හැමදෙනගෙනම හදවත් වල අහන්නේ මේ දේ මේ අයුරින්ම සිදුවෙනවද කියලා.එදා රජකාලේ සිට තිබුන, අවසානයේ සුද්දා පිළිගත්ත කාරනයක් තමයි ව්‍යවස්ථාවට පස්සේ ඇතුලත් වෙලාතියෙන්නේ.එහෙමනම් මේ ව්‍යවස්ථාවට අනුව මේ කටයුතු සිදුවෙනවද කියලා ඔබ කල්පනා කල යුතුව තිබෙනවා.මිහින්තලේ හාමුදුරුවෝ ඒ ගැන ප්‍රකාශ කලා.අපිට අද විශාල වගකිමක් තියෙනවා.රටක් වශයෙන් ජාතියක් වශයෙන් එකට මේ රට තියාගන්නත්, ජාතිය තියාගන්නත්.

අද තුන්වේලෙන් එක වේලක් කන්න නැති ජනතාව ජීවත්වන රටක් බවට අපේ රට පත් වෙලා තියෙනවා.රටේ සංවර්ධනය ඇන හිටලා.දුප්පත් කම වැඩි වෙලා. පසුගිය කාලේ නියගය නිසා ගොවිතැන් නැතිවුනා.පොහොර මිල ඉහල ගිය නිසා ඒ සහනාධාරය නොදුන්න නිසා ජනතාව සිළුම කෘෂී කාර්මික කටයුතු වලින් ඈත්වෙලා හිටියා .නමුත් කෙටි කාලයක් තුල ලබා ගත්තු බලයත් සමග අපි ඒ කෙටි කාලයතුල නැවත පොහොර සහනාධාරය ලබා දිල කෘෂි කර්මාන්තය සදහා අවශ්‍ය ලබා දීමට කටයුතු කර කෘෂි කරමාන්තය නගා සිටුවන්න කටයුතු කලා.ඒ නිසා අපි ඒ ගැන සතුටු වෙනවා.අද උප ප්‍රධාන සංඝනායක පදවිය ලැබු අනුරැද්ධ නායක හාමුදුරුවෝ සියළු ජාතින් සමග එක්ව කටයුතු කිරීම අගය කරනවා .ගුරවරයෙක් විදිහටත් සිදු කරන ශාසනික ආගමික සේවාව මා අගය කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More