දේශීය පුවත්

පළාත් ආණ්ඩුකාරවරුන් නවදෙනාට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දෙනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයා ඊයේ (31) උදෑසන මෙම දැනුම්දීම කර ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

පළාත් ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකුට තනතුරු අහිමිවීමේ ඉඩකඩ පවතින බවද පැවසේ.

ආණ්ඩුකාරවරුන් අලුතින් පත්කිරීමේදී දැනට සිටින කිහිපදෙනෙකුට පමණක් නැවත ආණ්ඩුකාර ධුර හිමිවනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.

පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර අලුතින් පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද ප්‍රකාශ කර තිබේ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස හේමකුමාර නානායක්කාර මහතා ද, දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස මාර්ෂල් පෙරේරා මහතා ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පී.බී. දිසානායක මහතා ද, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස කේ. සී. ලෝකේෂ්වරන් මහතා ද කටයුතු කරති.

උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා ද, නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා ද, උතුරුමැද ආණ්ඩුකාරවරයා ලෙස එම්. පී. ජයසිංහ මහතා ද, ඌව ආණ්ඩුකාරවරයා ලෙස ආරිය බී. රැකව මහතා ද කටයුතු කරන අතර සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස නිලූකා ඒකනායක මහත්මිය කටයුතු කරයි.

නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද හෙටම සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More