මෙරට ඉතිහාසයේ මෙතෙක් පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 278ක් වු විශාලතම හෙරොයින් මත්කුඩු තොගය අද (31) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී විදේශිකයින් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද සමත් විය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අනාවරණ කළේ මෙතෙක් මෙරටට හෙරොයින් බෙදා හැරි ආරක්ෂිතම ස්ථානය ලෙස යොදා ගෙන ඇත්තේ මෙම මත්කුඩු තොගය හමුවු නිවාස බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන පැමිණ ඇති බවයි.
මෙලෙස පොලිස් භාරයටගත් හොරොයින් තොගය රුපියල් මිලියන 3,336 කට මිල කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...