විදේශ පුවත්

ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ පැවති බංග්ලාදේශ මහ මැතිවරණයේ ජයග්‍රහණය අගමැතිනී ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් පාලක අවාමි ලීගයට හිමි විය.

මේ අතර මැතිවරණයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි වාර්ථා වේ.

පසුගියදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පාලක අවාමි ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

ඒ අනුව, පාලක අවාමි ලීගය නියෝජනය කරන 71 හැවිරිදි ෂෙයික් හසීනාට අඛණ්ඩව තෙවන වරටත් බංග්ලාදේශයේ අගමැති ධුරය හිමිවනු ඇති.

පාර්ලිමේන්තු ආසන 350ක් සඳහා පැවති මෙවර මැතිවරණයෙන් ෂෙයික් හසීනා ගේ නායකත්වයෙන් යුත් පාලක පක්ෂයට ආසන 281ක් හිමි විය.

මේ අතර අගමැතිනී ෂෙයික් හසීනා සහ ඇගේ අවාමි ලීගයට ප්‍රබල අභියෝගයක් වූ විපක්ෂ සන්ධානය ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළේය.

මැතිවරණයෙන් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ ආසන 7ක් පමණක් වන අතර ඒ අනුව ඔවුන් යළිත් මැතිවරණයක් ඉල්ලා ඇති බව සඳහන් වේ.

මේ අතර මැතිවරණයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයිද වාර්ථා වේ.

පවතින පාලනය වන ෂෙයික් හසීනාගේ පාලක පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර හටගත් ගැටුම් එම මරණවලට හේතුවයි.

මෙවර මැතිවරණය සාමකාමී එකක් නොවූ බව එරට මැතිවරණ කොමිසමද පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 600 000 යොදවා තිබියදී මෙසේ ගැටුම් උත්සන්න වීම පිළිබඳව බලධාරීන් කණගාටුව පළ කර ඇත.

බලධාරීන් විසින් මැතිවරණය අවසන් වන තුරු එරට අන්තර් ජාල පහසුකම තහනම් කර තිබීම ද කැපී පෙනිණි.

චිතගොන් නගරයේ ඡන්ද විමසීම ආරම්භ කරන්නටත් පෙර ඡන්ද පෙට්ටි ඡන්ද පත්‍රිකා වලින් පිරී තිබී ඇති අතර මේ පිළිබඳව බලධාරීන් සිය අදහස් ප්‍රකාශයෙන් වැළකී සිටි බව බීබීසී පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයන් මිලියන 100ක් සුදුසුකම් ලබා ඇති අතර ප්‍රකාශ නොකළ ඡන්ද ප්‍රතිශතය මෙවර ඉතා වැඩි අගයක් ගත්තාය.

එයට හේතුව ලෙස විචාරකයින් දක්වන්නේ දැඩි ආරක්ෂාවක් යොදා තිබීමෙන් ඡන්ද දායකයන් තුළ භීතියක් ඇති කිරීමට පාලක පක්ෂය ක්‍රියා කර තිබීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More