දේශීය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ.

ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන අතර විද්‍යාලය පැසිපන්දු කණ්ඩායම්ට, ශිෂ්‍ය භට කණ්ඩායමට සහ මලල ක්‍රීඩා කණ්ඩායම් වල නායකත්වයන් දරා ඇති අතර ඔහුගේ නායකත්වය යටතේ විද්‍යාලයට විශිෂ්ට ජයග්‍රහණ ලබා දෙන ලදී.

ධර්මාශෝක විද්‍යාලයේ ජේෂ්ඨ ශිෂ්‍ය නායකයින්යෙකු ලෙසද ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු කණ්ඩායමේ නායකයා ලෙසද තම කන් කණ්ඩායම මෙහෙයවා ඇත.

අති දක්ෂ කිමිදුම්කරුවකු වන පියල් ද සිල්වා මහතා නාවික හමුදා නිලධාරියකු ලෙස පසුගිය යුද සමයේදී ඔහුගේ නායකත්වය සපයමින් අප නාවික හමුදාවට තම ජීවිත පරදුවට තබා කීප වරක්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දී ඇත.

ඒ මහතා අවංක නිලධාරියකු ලෙසත් ජාති හිතෛෂීයකු ලෙසත් තම මිතුරන් සහ තම නාවික හමුදාවේ සෙබලුන් සහ නිළධාරීන් අතර උසස් ගෞරවය හිමි නිල නිලධාරියෙකුද වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More