පුරවැසි කොලම

පිටතින් විනාශ කිරීමට කිසිසේත් නොහැකි රටවල්, රාජ්‍යයන් මෙන්ම දේශපාලන පක්ෂ විනාශ කිරීමේ එකම ක්‍රමවේදය එය ඇතුළතින් විනාශ කිරීම පමණක්ම බවට ලෝකෙ පුරා එපමණ නිදර්ශන ඇත. විශේෂයෙන් ගත් කල එසේ ඇතුළතින් විනාශ කිරීමේ ක්‍රමවේදය සඳහා ඔත්තු සේවාවන් විසින් යොදාගනු ලබන්නේ අභ්‍යන්තර නියෝජිතයන්ය.

මුදල් හා කාන්තාවන් යොදවා නොයෙක් වරදාන මඟින් එසේ දිනාගන්න ඒජන්තයන් ලවා රටවල් කැබලි කිරීම මෙන්ම බලගතු රාජ්‍යයන් අස්ථාවර කිරීමට එපමණ නිදසුන් ඇත. ලොව ප්‍රථම කම්කරු රාජ්‍ය සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව විනාශ කිරීම, නැඟෙනහිර යුරෝපියානු සමාජවාදී රාජ්‍යයන් විනාශ කිරීම මෙන්ම ඉරාකය, ලිබියාව වැනි බටහිරට හිසරදයක් වූ රාජ්‍යයන් කැබලි කොට විනාශය ගෙන ආවේ එලෙසය.

එසේම දේශපාලන පක්ෂ නායකයෝද යම් ආකාරයකට තම වසඟයට ගත් අයුරු පෝලන්තයේ ලෙව් වැලෙන්සාගේ සිට රුසියාවේ ගොර්බචොප් පමණක් නොව චීනයේ ලිම්පියාවෝද කදිම නිදසුන්ය.

එලෙස බලගතු දේශපාලන ව්‍යාපාරයන් අතරින් ඇතුළට ඒජන්තයන් යොදවා සහමුලින්ම විනාශ කරන ලද දේශපාලන පක්ෂයක් වන්නේ “මැලේසියානු කොමියුනිස්ට් පක්ෂයයි’ ඒ සඳහා යොදාගනු ලැබුවේ එම පක්ෂයේ නායක බවට සාර්ථක ලෙස ඇතුළතින් ඔසවා තැබූ ලියා ටෙක්ය.

1930 අප්‍රේල් මාසයේදී දකුණු සාගර කොමියුනිස්ට් පක්ෂයේ (ඉධභබඩ ඉඥචඵ ඛ්ධථථභදඪඵබ ර්ථීචපබර) විසුරුවා හරිනු ලැබූ අතර ඒ වෙනුවට මලයානු කොමියුනිස්ට් පක්ෂය

පිහිටුවන ලදී. එම පක්ෂයේ මූලික යොමුව මැලේසියාව හා සිංගප්පූරුව වූ නමුදු තායිලන්තය (ච්භබජඩ ඡ්චඵබ ධ්දඤඪඥඵ) නැඟෙනහිර ඉන්දීය කොදෙව් දූපත් තුළද එය ක්‍රියාත්මක විය.

බි්‍රතාන්‍ය පාලකයන් යටතේ 1931දී නීති විරෝධී පක්ෂයක්

ලෙස ක්‍රියාත්මක වූ එම පක්ෂයේ සාමාජිකයන් 1500ක් පමණද හිතවතුන් 10,000ක් පමණද සිටි බවට හෙළිදරව් වී ඇත.

1937දී ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීම, මැලේසියානු කොමියුනිස්ට් පක්ෂය ප්‍රචලිත කිරීමට බෙහෙවින් උපකාරී විය. එයට හේතුව චීනය ආරක්ෂා කිරීමේ සටන් පාඨය යටතේ චීන සම්භවයක් ඇති මැලේසියානුවන් පක්ෂයට බඳවා ගැනීමට ඉඩ සැලසීමයි.

මෙම වකවානුව තුළ බි්‍රතාන්‍ය ඒජන්තයකු වූ ලියා ටෙක් 1939දී පක්ෂය තුළට රිංගා ගැනීමට සමත්වූ අතර ඔහු පක්ෂයේ මහ ලේකම් තනතුර දක්වා ඉහළට යෑමට සමත් විය. මෙම දැවැන්ත අභ්‍යන්තර, අනාරක්ෂිතභාවය තුළ වුවද පක්ෂයේ සාමාජිකයන් 40,000ක් දක්වා වර්ධනය වී තිබූ අතර ඉන් අඩක් ක්‍රියාත්මක වූයේ සිංගප්පූරුවේය.

මැලේසියා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සාමාජිකයන් 15 දෙනකුගෙන් සමන්විත විය. 6 දෙනකු දේශපාලන මණ්ඩලය බවට පත්වූ අතර මධ්‍යම කාරක සභා වාර දෙකක් තුළ පක්ෂයේ සියලු කටයුතු මෙහෙයවනු ලැබූවේ එම නායකත්වය යටතේය. දිස්ත්‍රික් සංවිධාන හරහා පක්ෂය මෙහෙයවනු ලැබූ අතර එහි කුඩාම සංවිධානය, කුඩා පක්ෂ කමිටු (සෛලය) වූ අතර ඒවා වැඩබිම් හා ගම්මානයන්හි ක්‍රියාත්මකය.
1941 දෙසැම්බරයේ ජපාන අධිරාජ්‍යයා මැලේසියාව ආක්‍රමණය කළේය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී බලධාරීන් විසින් මැලේසියානු කොමියුනිස්ට් පක්ෂය විසින් යෝජනා කළ යුදමය සහාය පිළිගත් අතර එම පක්ෂයේ දේශපාලන සිරකරුවන්ද නිදහස් කෙරිණි.

1941 දෙසැම්බර් 20දා සිට පක්ෂයේ සාමාජිකයන්ට ගරිල්ලා යුද පුහුණුව ලබාදීමට බි්‍රතාන්‍ය ආරක්ෂක සේවාවන් කටයුතු කරන ලද අතර ඒ ගැන 101ක් වන විශේෂ පුහුණු පාසලද ආරම්භ කරන ලදී. බි්‍රතාන්‍ය බලය මැලේසියාව තුළ බිඳ වැටෙන තුරු ගරිල්ලා භටයෝ 165ක් පමණ පුහුණුකර තිබිණි. ඔවුන් මැලේසියානු ජපන් විරෝධී හමුදාව ලෙස නම් කරන ලදී.

1942 පෙබරවාරි 15දා සිංගප්පූරුවද ජපන් අධිරාජ්‍යවාදයට බිලි විය. එසේ වුවද මැලේසියානු කොමියුනිස්ට් පක්ෂයේ ගරිල්ලා භටයන් රටවල් දෙකක් තුළට කුඩා පරිමාණයේ නමුදු, සාර්ථක ප්‍රහාර දියත් කිරීමට සමත් විය. එසේ වුවද ලියා ටෙක් සිංගප්පූරුවේ ජපන් හමුදා විසින් අත්අඩංගුවට ගත් පසු ඔහු ජපන් ඒජන්තයකු බවට පෙරළා ගැනීමට ඔවුහු සමත් වූහ. 1942 සැප්තැම්බර් 1දා ලියා ටෙක්ගේ නිර්ලජ්ජිත පාවාදීම හරහා ක්වාලාලම්පූර්හි පැවැති මැලේසියානු කොමියුනිස්ට් පක්ෂයේ රහස් සම්මේලනය වටලා පක්ෂ සාමාජිකයන් හා නායකයන් 100ක් පමණ අත්අඩංගුවට ගැනීමට ජපන් ආරක්ෂක හමුදාවට හැකිවිය. මින් සෑහෙන දෙනකු මරා දමන ලදී. මෙම පසුබෑම තුළ වුවද 4500ක් පමණ වූ මැලේසියානු ජපන් විරෝධී හමුදාව නැවත සංවිධානය වීමට සමත් විය.

1943 මැයි මාසයේදී බි්‍රතාන්‍ය කමාන්ඩෝවරු 136 දෙනකු රහසිගතව මැලේසියාවට ඇතුළු වූ අතර මැලේසියානු ජපන් විරෝධී හමුදාව සමඟ සම්බන්ධකම් ඇති කරගන්නා ලදී. දෙපාර්ශ්වය අතර ඇතිවූ එකඟතාව මත දකුණු ආසියානු මිත්‍ර හමුදාව විසින් මැලේසියානු සටන්කාමීන්ට ආයුධ සැපයීම ද සිදුවිය.

1945 අගෝස්තු 5 වැනිදා ජපන් හමුදා යටත් වූ අතර මෙම තත්ත්වය මත මැලේසියානු ජපන් විරෝධී හමුදාව තවත් ශක්තිමත් වූ අතර සාමාජිකයන් සංඛ්‍යාව ඉහළට ගෙන යන ලදී. මැලේසියානු ජනතාව ඔවුන් වීරයන් ලෙස සලකන ලදී.

මෙම තත්ත්වය යටතේ මැලේසියානු කොමියුනිට්ස් පක්‍ෂය ජාතික පෙරමුණක් ස්ථාපිත කරන ලද අතර ජාතියේ ස්වාධීනත්වය සඳහා නීත්‍යනුකූල දේශපාලන ප්‍රවේශයක් ගන්නා ලදී. මෙම තත්ත්වය හමුවේ විප්ලවය දිගටම ගෙන යෑමට පහළ සාමාජික සාමාජිකත්වය විසින් ඉල්ලා සිටියාට ලියා ටෙක් ඇතුළු ඉහළ පෙළ නායකත්වය ඇල්මැරුණු හා “ආරක්‍ෂිත” දේශපාලනය යෝජනා කොට ක්‍රියාත්මක කිරීමට වග බලා ගත්තේය.
1945 සැප්තැම්බර් 12 වැනිදා බි්‍රතාන්‍ය හමුදා පරිපාලනය ස්ථාපිත කළ අතර මැලේසියානු ජපන් විරෝධී හමුදාව අයුධ භාර දීමට එකඟ විය. එහි සටන්කාමීන් හයදාස් අටසියයක් විසුරුවා හරින ලදී. පක්‍ෂය නීත්‍යනුකූල නොවූවද වර්ධනයකින් තොරව කටයුතු කිරීමට ඉඩ ලැබිණ.

කෙසේ වුවද ආර්ථික තත්ත්වය නරක අතට හැරුණු තත්ත්වය තුළ මැලේසියානු කොමියුනිට්ස් පක්‍ෂය විසින් සාර්ථක වැඩ වර්ජන හා විරෝධතා දියත් කෙරිණි. මේ තත්ත්වය යටතේ සමහර නායකයන් මරා දැමීමටත් තවත් නායකයන් අතුරුදන් වීමත් සිදුවිය. නමුත් පාර්ලිමේන්තුව නියෝජනය මැලේසියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය හා මැලේ ජාතික
පක්‍ෂය හරහා බලපෑම් කිරීමට හැකි තත්ත්වයක් මැලේසියානු කොමියුනිට්ස් පක්‍ෂයට හැකිවිය.

1946 දී දැඩි අකැමැත්ත යටතේ වුවද ලියා ටෙක්ගේ උඩුයටිකුරු වැඩ පිළිබඳ පැතිර යන කටකතා ගැන පරීක්‍ෂණයක් කිරීමට පක්‍ෂ නායකයාට සිදුවිය. එම
පරීක්‍ෂණයට ඇරඹීමට පෙර 1947දී ලියා ටෙක් පක්‍ෂ ආරවුල් සමඟ රටින් පැන ගියේය. දැඩි ලෙස කැලඹුණ ද මධ්‍යම කමිටුව වසරක් පමණ යනතුරු මෙය රහසක් වශයෙන් සඟවා තබා ගත්තේය. 26 හැවිරිදි දැන් පෙන් නව මහ ලේකම්වරයා බවට පත්විය. එතැන් සිට පක්‍ෂය බි්‍රතාන්‍ය විරෝධී ප්‍රවණතාවකට පත්විය.

කවුද මේ ලියා ටෙක්?
චීන වියට්නාම සම්භවයක් ඇති වියට්නාම් ජාතිකයකු විය. 1901දී උපන් ඔහු මුවෙන් පුක් වැට් නමින් හෝ හොවැන්හෝ වෑන් ජීවත් වූ අතර 1934 ලියා ටෙක් බවට පත්විය.
ඔහු ඉන්දු චීන (වියට්නාම) කටයුතු පිළිබඳ ප්‍රංශවරුකරුවකු ලෙසද සේවය කර ඇති අතර ඒ ගැන පසුව හෙළිදරව් වී ඇත. පසුව ඔහු බි්‍රතාන්‍ය ඔත්තුකරුවකු බවට පත්ව 1934දී මැලේසියානු කොමියුනිස්ට් පක්‍ෂයට රිංගවීම සඳහා සිංගප්පූරුවට ගෙන්වා ගත් බවට තොරතුරු පළව ඇත.

පක්‍ෂය තුළ තොරතුරු රහසිගතව බි්‍රතාන්‍ය පොලිසියට සපයා ක්‍රම ක්‍රමයෙන් තමාට ඉහළින් සිටින පක්‍ෂ නායකයන් එකිනෙකා රහසේ පාවාදීම හරහා ඉඩකඩ හදාගෙන ඉතා කෙටි කලකින් පක්‍ෂ මහ ලේකම් තනතුර දක්වාම යෑමට ඔහු සමත් විය. මෙසේ පක්‍ෂය

තමන්ගේ ග්‍රහණයට ගත් ඔහු බි්‍රතාන්‍ය විරෝධී ස්ථාවරය දියත් කර හැර බි්‍රතාන්‍ය සමඟ අවබෝධයෙන් කටයුතු කිරීමට නව ස්ථාවරයක් ගොඩනඟා ගැනීමත් ඒ හරහා ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිර යුරෝපීය බලවතුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් නාසි ජර්මනිය හා ජපන් විරෝධීන් ලෙස සටන් වැදීමටත් තම ස්ථාවරය හදා ගත්තේය.

ඔහුගේ සැබෑ තතු හෙළි වීමෙන් පසු ඔහු පක්‍ෂ අරමුදල් ද රැගෙන පලා ගියේය. 1947 දී තායිලන්ත කොමියුනිට්ස් වාදීන් විසින් ඔහු පැහැර ගැනීමට උත්සාහ ගත් නමුදු උත්සාහයේදී හුස්ම හිර වීමකින් ඔහු මියගිය බව තායිලන්ත කොමියුනිස්ට් නායකයා ප්‍රකාශ කළේය.

“ද්‍රෝහීන් අතර ද්‍රෝහියා” නමින් පළ කළ ලිපිය ලියූ ලියොන් කොම්බර් නමැත්තාට මැලේසියානු කොමියුනිස්ට් පක්‍ෂයේ පසු කාලීන මහ ලේකම්වරයා විසින් ලබාදුන් තොරතුරු අනුව මෙම ලිපිය පළ කර ඇත.
මෙම ලිපියට අනුව වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ “ටැග් වැන් ගයු” විසින් ලියා ටෙක්ට 1930දී ලියා රුක් නමින් මැලේසියානු කොමියුනිස්ට් පක්‍ෂයට බඳවා ඇත.

මෙම සිදුවීම ලෝකයට ප්‍රථම මෙන්ම අවසාන සිදුවීමද නොවීය. මෙවැනි සිදුවීම් ලෝකයේ වෙනත් තැන් වලද සිදුවී ඇත.

මේ ගැන සිහි කරන විට මට නිතැතින් සිහියට නැඟෙන්නේ රෝහණ විජේවීරයන් නිතර නිතර මිමිනූ­ වදන් වැලකි. ඒ නම් “ඉතිහාසයේ එකම සිදුවීම දෙවරක් වන්නේ නම් ඒ වරක් ඛේදවාචකයක් ලෙසත් දෙවැනි වර විගඩමක් ලෙසත් පමණක්ය” යන්නයි.

මහාචාර්ය
අතුල සුමතිපාල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More