දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙන විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කරති.
අද(16) උදැසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.
මෙම විශ්වාස භංග යෝජනාව සකස්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වගකීම මෙහිදී පවරා තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාටය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව ජනාධිපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගතයුතු ක්‍රියාමාර්ග සහ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ්‍රාහිම් ඇප පිට නිදහස්(Video)

පාස්කු ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියාවන, ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජික, දෙමටගොඩ මහවිල උද්‍යානයේ...


Read More

ස්වාධීන වූ පක්ෂ සංධානයක් ගොඩ නැගීමට කටයුතු කරනවා- ජානිපෙ නායක විමල් වීරවංශ

ආණ්ඩුවේ ස්වාධින වූ පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ එක්ව සන්ධානයක් ගොඩනැගීමට ත...


Read More

ආචාර්ය ගුණදාස අමරසේකර ප්‍රමුඛ ජාතික සංවිධාන එකමුතුව යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ලක් කිරීම හෙට

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වන 21 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 22 වන ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ...


Read More