දේශීය පුවත්

කැබිනට්‌ සහ කැබිනට්‌ නොවන අමාත්‍යවරුන්ට අදාළ ආයතන සහ විෂයයන් ජනාධිපතිවරයා විසින් ගැසට්‌ කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා ශ්‍රී ලංකන් කේටරින් සමාගම මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කිසිදු අමාත්‍යංශයක්‌ යටතට ගැසට්‌ නොකිරීම නිසා එම ආයතන ජනාධිපතිවරයා යටතට පැවරෙයි. රාජ්‍ය රහස්‌ තොරතුරු සේවය සහ පොලිස්‌ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්‌ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

පෙරේදා (29දා) මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ ගැසට්‌ නිවේදනයට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ආරක්‌ෂක අමාත්‍යංශයට ත්‍රිවිධ හමුදාව, පොලිස්‌ දෙපාර්තමේන්තුව, රාජ්‍ය රහස්‌ තොරතුරු සේවය, ජාතික මාධ්‍ය මධ්‍යස්‌ථානය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 21ක්‌ අයත් වෙයි.

එමෙන්ම ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයට ලංකා මහවැලි අධිකාරිය, මොරගහකන්ද සහ කළුගල ජලාශ ව්‍යාපෘතිය ඇතුළු ආයතන 22 ක්‌ අන්තර්ගත කරමින් ගැසට්‌ නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශයට ජාතික තරුණ සේවා සභාව, පුනරුත්ථාපන කොමසාරිස්‌ ජනරාල් කාර්යාලය, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 24 ක්‌ ඇතුළත්ය.

ගැසට්‌ නිවේදනයට අනුව මංගල සමරවීර මහතා යටතේ ඇති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය අයත් ආයතන සංඛ්‍යාව 48 කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More