දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදුකර තිබෙන ප්‍රකාශවලට විරෝධය පළකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පිටවගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ගොස් ජනාධිපතිතුමා සමග කෙටි වේලාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යළිත් අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණ එහි මුලසුන ගෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ කටයුතු නියමිත පරිදි සිදුකරගෙන ගොස් ඇති බවද දැනගන්නට ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද 16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අතර මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සහ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයට පහර ගැසීමට නොවන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති බව ද වාර්තාවේ.
මුදල් අක්‍රමිකතාවක් සිදුවී තිබෙන බවට චෝදනා එල්ල වන නිසා ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට මෙම ජනාධිපති කොමිසම පත් කළ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බව දැනගන්නට ඇත.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධුරයට පත් නොකරන ලෙසට තමා ප්‍රකාශ කළ බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී සිහිපත්කොට තිබෙන බවද වාර්තාවේ.
මෙවැනි වාතාවරණයක් යටතේ අමාත්‍ය හරින් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, පාර්ලිමේනතු මන්ත්‍රිවරුන් වන නලින් බණ්ඩාර හා එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් තමාට දොස් පවරන බවත් මෙහෙම වැඩකරන්නේ කෙසේද යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් වාර්තාවේ.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිහිපදෙනෙක් ගොස් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා යළිත් අමාත්‍ය මණ්ඩල රැස්වීමට පැමිණ ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More