දේශීය පුවත්

පුරාවස්තු විනාශය වැළැක්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර තිබූ පුරාවිද්‍යා පොලිස් කොට්ඨාසය හෙට (01 වැනිදා) සිට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්‌ථාපිත කර තිබූ මෙම ඒකකය මගින් පුරාවස්‌තු විනාශයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවලට අදාළව ක්‍රියාකිරීම සහ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ලැබෙන පැමිණිලි රහසිගතව විමර්ශනය කිරීම ඇතුළු කාර්යයන් රැසක්‌ සිදුකරනු ලැබිණි.

මෙම ඒකකය පුරාවිද්‍යා භූමියේ කාමර තුනක පමණ ස්‌ථාපිත කර තිබූ අතර නිලධාරීන් සීමාවීම නිසා ඔවුන්ට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාගෙන අනෙකුත් කාමර මුදාහරින ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂවරයා කරනු ලැබූ ඉල්ලීමක්‌ පාදක කරගෙන මෙම ඒකකය පුරාවිද්‍යා භූමියෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්‌ඨාසයට අනුයුක්‌ත කිරීමට ජනවාරි 01 වැනිදා සිට කටයුතු කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරියෙක්‌ පැවසීය.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ටී. බී. මණ්‌ඩාවල මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු භූමියෙන් පුරාවිද්‍යා පොලිස්‌ කොට්‌ඨාසය ඉවත් කරන ලෙස නොව ඔවුන්ට අවශ්‍ය පහසුකම් තබාගෙන අනෙක්‌ ස්‌ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස තමා ඉල්ලීමක්‌ කළ බවයි.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More