දේශීය පුවත්

මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ විද්‍යා විෂය ධාරාවේ ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ ඩබ්ලිව්. ආර්. ඒ. කලනි සමුදා රාජපක්‍ෂ ශිෂ්‍යාව සමත් වී ඇත.

ගණිත විෂය ධාරාවේ ප්‍රථම ස්‌ථානය මෙවර කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හංසනී වසන්තා විඡේගුණවර්ධන ශිෂ්‍යාව හිමි කරගෙන සිටියි. කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ එල්. එච්. එම්. කසුන් ඉඳුරංග වික්‍රමරත්න ශිෂ්‍යයා වාණිජ විෂය ධාරාවේ පළමු ස්‌ථානය දිනාගෙන තිබේ. කලා විෂය ධාරාවේ පළමු ස්‌ථානය මෙවර හිමි වී ඇත්තේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ටී. ඩී. සෙනාදි දම්‍යා ද අල්විස්‌ ශිෂ්‍යාවටය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්. පමුදිත යසස්‌ පතිරත්න ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්‌ථානයද, කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විදුහලේ සඳුනි පියුමානි කොඩිප්පිලි ශිෂ්‍යාව ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාවේ පළමු ස්‌ථානය ද ලබා ඇත.

විද්‍යා විෂය ධාරාවේ දෙවැනි ස්‌ථානය කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලංගම්ගේ සහ තෙවන ස්‌ථානය මාතලේ සහිරා විදුහලේ ආර්. එම්. හකීම් කරීම් යන සිසුන්ට හිමි වී ඇත.

ගණිත විෂය ධාරාවේ දෙවැනි ස්‌ථානය ගාල්ල රිච්මන්ඩ් විදුහලේ චාමිදු සුරාන් ලියනගේ සහ තෙවැනි ස්‌ථානය කොළඹ රාජකීය විදුහලේ එච්. තෙවිඳු විනිත් විඡේසේකර යන සිසුන් හිමි කර ගෙන තිබේ.

ගම්පහ රත්නාවලී බාලිකාවේ ආර්. ඒ උවිනි අයත්මා රණවීර සහ මියුසියස්‌ විදුහලේ ඩබ්ලිව්. එම්. මලිති ජයරත්න යන සිසුවියෝ පිළිවෙළින් වාණිජ විෂය ධාරාවේ දෙවැනි හා තෙවැනි ස්‌ථාන ලබා සිටිති. කලා විෂය ධාරාවේ දෙවැනි ස්‌ථානය කුරුණැගල මලියදේව බාලිකා විදුහලේ ඊ. එම්. සිත්මි නිමාෂි එදිරිසිංහ සහ තෙවැනි ස්‌ථානය මහනුවර මහමායා විදුහලේ පී. ඒ. ඉෂානි උමේෂා පිටිගල යන සිසුවියන් හිමි කරගෙන ඇත. කොළඹ ආනන්ද විදුහලේ සමරනායක තරිඳු හේෂාන් සහ නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ ඩබ්ලිව්. එම්. සෙෂාන් රංගන විඡේකෝන් යන සිසුහු පිළිවෙළින් ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාවේ දෙවැනි හා තෙවැනි ස්‌ථාන ලබා සිටිති.

ජෛව පද්ධති තාක්‍ෂණවේදය විෂය ධාරාවේ දෙවැනි ස්‌ථානය සමන්තුරේ මුස්‌ලිම් මධ්‍ය මහා විදුහලේ එම්. බී. ආර්. මොහොමඩ් ද, සහ තෙවැනි ස්‌ථානය හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහලේ ඒ. විසිඳු දිලෙන්ක ලක්‌මාල් ද ලබා ඇත.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 321469 දෙනකු පෙනී සිටි අතර ඉන් 167907 දෙනෙක්‌ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා සිටිති.

උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 119 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.

අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වීම වැනි ගැටලු හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල අත්හිටවූ බව විභාග කොමසාරිස්‌ ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More