දේශීය පුවත්

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පිහිටුවා ඉකුත් රජය යටතේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ නඩු විභාග කිරීමට රජය තීරණය කර ඇත.
රජය නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති ජයන්ත ජයසූරිය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
අගවිනිසුරුවරයා මෙම සතියේදී  එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කරනු ඇතැයිද දැන ගන්නට තිබේ.බොහෝ දුරට මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත්කරනු ඇතැයිද වාර්තා වේ.
ඉකුත් රජය සමයේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ සාමාන්‍ය නඩු ක්‍රමයට යාම තුළ ප්‍රමාදයක් ඇතිවන නිසා මෙය විශේෂ කටයුත්තක් සේ සලකා මෙලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කොට එක දිගට නඩු විභාග කර තීන්දු ලබාදීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More