දේශීය පුවත්

ගංවතුරෙන් විපතට පත් වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් උදව් උපකාර කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට එරෙහිව පවතින යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමට යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කිළිනොච්චියේදී පැවසීය.

සී.වී.විග්නේස්වරන් මහතා එසේ පැවසුවේ ගංවතුර අනාථයින්ට උදව් කිරීම සදහා ඔහුගේ දේශපාලන පක්ෂය වන දෙමළ ජනතා සන්ධානය(TMK) හරහා ජනතා සහන සංවිධානය(people walfare Association) නමින් නව සංවිධානයක් කිළිනොච්චියේදී පිහිටුවන ලද අවස්ථාවේදීය.

උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අවස්ථාවේදී කතා කළ සී.වී.විග්නේස්වරන මහතා කියා සිටියේ ආරක්ෂක අංශ ඔවුන්ට එරෙහිව නැගී ඇති යුද අපරාධ චෝදනා වලින් නිදහස්වීම සදහා එසේ ගංවතුර අනාථයින්ට සහන සලසන ලද නමුත් ජාත්‍යන්තර ප්‍රජාව හා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ඊට රැවටෙනු ඇතැයි තමන් නොසිතන බවයි.

ආරක්ෂක අංශ වලට උතුරේ බලහත්කාරයෙන් රැදී සිටීමට දැඩි වුවමනාවක් ඇති නිසා ඒ සදහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමේ අරමුණින් ඔවුන් ගංවතුර අනාථයින්ට සැලකීම් කළ බවද ඔහු කියා සිටියේය.

මේ අවස්ථාවේදී ගංවතුර හේතුවෙන් විඅපතට පත් වූ පිරිසට උදව් උපකාර කිරීම සදහා මුලු ලෝකයේම සිටින දෙමළ ප්‍රජාව ඉදිරිපත් වී සිටින බව කී විග්නේස්වරන් මහතා එම ආධාර ජනතාවට නිසි ලෙස බෙදා දීම සදහා මෙම නව සංවිධානය බිහි කළ බවද සදහන් කළේය.

සුනාමී ව්‍යවසනය අවස්ථාවේදී උතුරේ ජනතාව බේරා ගන්නා ලද්දේ ආරක්ෂක අංශ නොව උතුරේම ජනතාව බවත්,ඉන් පසුව විපතට පත් ජනතාවට නැගී සිටීමට උදව් උපකාර කළේ රජයට වඩා ලෝකයේම සිටින දෙමළ සංවිධාන බවද කියා සිටියේය.

උතුරු පළාතට මෙවැනි වුවදුරු සිදුවන අවස්ථාවලදී රජය හා ඊට සම්බන්ධ පුද්ගලයෝ කැපී පෙනෙන්නට උත්සහ දරණවා මිස ජනතාවට සේවයක් නොසලසන බව පෙන්වා දුන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ තත්ත්වය වෙනස් වීමටනම් උතුරු නැගෙනහිර දේශපාලන ව්‍යුහය මීට වඩා ශක්තිමත් එකක් විය යුතු බවද ප්‍රකාශ කළේය.

දේශපාලනමය වශයෙන් යම් අසාධාරණයක් සිදුවන විට ඊට සහනයක්ලබා ගැනීමට ඇති එකම ස්ථානය මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය බව කී විග්නේස්වරන් මහතා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම සෙසු අධිකරණයන්ද මීට වඩා බලාත්මක කළ යුතු බව කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)



3 thoughts on ““විපතට පත් අයට ආරක්ෂක අංශ උදව් කළේ යුද අපරාධ චෝදනා වලින් නිදහස් වෙන්න” – විග්නේශ්වරන්”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More