දේශීය පුවත්

උතුරේ ආරක්‍ෂක අංශවල සහයෝගය තමන්ට අවශ්‍ය බව කියමින් කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාව
පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට තිබේ.

ඔවුන් එකී පෝස්ටර් හා බැනර් මඟින් පවසා ඇත්තේ ගංවතුර උවදුරෙන් ඔවුන්ව බේරා ගත්තේ දෙමළ දේශපාලනඥයන් නොව ආරක්‍ෂක අංශවල පිරිස් බවයි.

මේ නිසා වන්නියේ දෙමළ ජනතාව ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ගරු කරන බවත් ඔවුන්ගේ සේවාව තවදුරටත් වන්නියේ ජනතාවට අවශ්‍ය බවත් එම පෝස්ටර්වල සඳහන්ව ඇත.
උතුරු පළාත් සභාව විසින් කිලිනොච්චිය හා මුලතිව් පළාත්වල සිදු කළ විවිධ සංවර්ධන කටයුතු විස්තර කිරීම සඳහා යොදා ඇති බෝඩ් වලට පහළින් ද ආර¿ ෂක අංශ වෙත වන්නියේ ජනතාවගේ ප්‍රණාමය පුද කරමින් බැනර් එල්ලා පෝස්ටර් අලවා තිබිණි.

“යුද හමුදාව උතුරෙන් පිටව යා යුතු නොවේ…” “හමුදාවේ සහයෝගය අපට අවශ්‍යයි” වැනි වැකි ඇතුළත් පෝස්ටර් හා බැනර් මෙන්ම ආරක්‍ෂක අංශ අපට කළේ මොනවාද? යන්න විස්තර කරමින් ලියන ලද පෝස්ටර් ද මේ අතර දක්නට ලැබේ.

කිලිනොච්චිය හා මුලතිව් පළාත්වල ගංවතුරින් අනාථභාවයට පත්ව සිටින ජනතාව මේ පෝස්ටර්වලින් විශාල ප්‍රමාණයක් ලියා තිබුණේ ඔවුන්ට ආහාර පාර්සල් දමාගෙන විත් තිබූ කාඩ්බෝඩ් පෙට්ටිවලින් ඉරා ගන්නා ලද කාඩ්බෝඩ් කැබලිවලය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More