දේශීය පුවත්

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට කැබ්නට් අමාත්‍යය ධුරයක් සහ බදුල්ල දිස්ත්‍රික් පා.ම එස්.අරවින්ද කුමාර් මහතාට (කදුරට ජනතා පෙරමුණ) නියෝජ්‍යය ඇමති ධුරයක් ලබාදෙන බවට තමන්ට පොරොන්දු වුවත් එම පොරොන්දුව ඉටු කිරිමට අග්‍රාමාත්‍යයවරයා කටයුතු නොකල බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධා ක්‍රිෂ්ණන් මහතා පැවසිය.

රාධා ක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ කදුරට ජනතා පෙරමුණේ ඉදිරි දේශපාලන තත්ත්වය පිලිබදව ජනතාව දැනුවත් කිරිම සදහා අද (30) හැටන් නගරයේ පැවති මාධ්‍යය හමුව පවත්වමිනි.

මෙම මාධ්‍යය හමුවේ වැඩි දුරටත් අදහස් දැක්වු වි.රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ තමන්ට කැබිනට් අමාත්‍යය ධුරයක් ලබා නොදිම හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත් වු බවත්, එහිදි අග්‍රාමාත්‍යයවරයා තමන්ට කැබ්නට් නොවන අමාත්‍යය ධුරයක් ලබාදෙන බවට පොරොන්දු වු බවයි.

තම ජනතාවට වැඩ කිරිමට නොහැකි කැබ්නට් නොවන අමාත්‍යය ධුරයක් ලබා නොදෙන්නේ නම් එම අමාත්‍යය ධුරය කිසිසේත් තමන් භාර නොගන්නා බවද වි.රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියා.

වත්මන් රජය අමාත්‍යවරුන්ට අමාත්‍යධුර ලබාදිමෙන් පසු එම අමාත්‍යය ධුර වලට අදාල විෂයන් ගැසට් කිරිමේදි ගැටළු රැසක් මතු වි ඇති බවත්, අග්‍රාමාත්‍යය වරයා සහ ජනාධිපතිවරයා එකට එක් වි කටයුතු නොකිරිම හේතුව මත දේශපාලන වශයෙන් රට දැඩි අර්බුදයකට මැදි වන බවයි රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

විදේශ විනිමය මේරටට නොලැබිම හේතුවෙන් ඩොලරයේ මිල තවදුරටත් ඉහල යාමෙන් මේ රට සොමාලියාවක් බවට පත් විය හැකි බවයි වි.රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටින්නේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යයවරයා අතර ඇති වි ඇති දේශපාලන මත භේදය නිරාකරණය කිරිමට යම් කිසි පාර්ශවයක් ඉදිරිපත් වි දේපාර්ශවය අතර සාකච්ඡා පවත්වා යම් එකගතාවයකට නොපැමිණිය හොත් මේ රට දැඩි අර්බුද රැසකට පත් විය හැකි බවද වි.රාධාක්‍රිෂ්ණන් මහතා අවධාරණය කර සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුටද අමාත්‍යය ධුර නොලැබිම නිසා එම මන්ත්‍රිවරුන් අතර රජයේ සම්බන්ධයෙන් දැඩි කලකිරිමක් පවතිව බවද මෙම මාධ්‍යය හමුවේදි වි රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More