දේශීය පුවත්

යුරෝපයේ සහ කැනඩාවේ පමණක් ඇති දෙමළ ඩයස්පෝරාවට ශ‍්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ කෙරෙහි බලපෑම් ඇති කිරීමට හැකිව තිබෙනවා නම් ඔස්ටේ‍්‍රලියාවේ සිට ඇමෙරිකාව දක්වා වූ මහාද්වීප පහ තුළම සිටින බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා සියනමක් පෙරමුණ ගතහොත් වර්තමානයේ කහ සිවුරටත්, සඟ පරපුරටත් එරෙහිව නැෙඟන බලවේගවලට එරෙහිව සිංහල ඩයස්පෝරාවක් බිහි කිරීම ලොකු වැඩක් නොවෙනු ඇතැයි ජාත්‍යන්තර සඟ සමුළුවේ මහා ලේඛකාධිකාරී තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණෝ පැවසූහ.

ඒ හිමියන් විසින් මේ බව ප‍්‍රකාශ කරනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 22, 23 සහ 24 යන තෙදින තුළ ජපානයේ ත්සුකුබා නගරයේ දී ජාත්‍යන්තර මහා සඟ සමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.

ශ‍්‍රී ලාංකීය භික්‍ෂු පරපුරෙහි විශ්වීය පුනරාගමනය නම් තේමාව යටතේ ලොව ප‍්‍රථම වරට ආරම්භ වූ මෙම සමුළුව අමතමින් ධම්මාලෝක හිමිපාණෝ මෙසේද පැවසූහ.

කාලයක් මුළුල්ලේ සමස්ත ලෝකය පුරා ථෙරවාදී බුදු දහම ප‍්‍රචාරය වුණේ ශ‍්‍රී ලංකාව මුල්කර ගනිමින්. ඒ හේතුකොට ථෙරවාදී බුදු දහමේ මහ ගෙදර යයි විරුදාවලි ලබන තත්ත්වයට අප පත්වුණා. එවන් රටක ඉපදුණු අපට පසුගිය කාලය මුළුල්ලේ වැඩිපුරම දක්නට ලැබුණේ සිංහලයාටත්, බුදු දහමටත්, කහ සිවුරටත් සිදු කෙරෙන අපහාස උපහාස පළිගැනීම් ආදියයි. මේ පිළිබඳව කල්පනා කරන විට පෙනීගිය කරුණක් වූවේ ධර්මදූත කාර්යයන්හි යෙදෙමින් ලොව පුරා මහඟු මෙහෙයක් ඉටු කරන ඒ හැමදෙනා වහන්සේ එකතු කරගතහොත් අපේ රට වෙනුවෙන් මීට වඩා මෙහෙයක් කළ හැකි බවයි. අන්තර්ජාලයද උපයෝගී කර ගනිමින් ලොව පුරා වෙසෙන සියලූම භික්‍ෂුන් වහන්සේලා එකතු කරගනිමින් මේ කටයුත්ත ආරම්භ කරනු ලැබුවේ ඒ අදහස මුල්කර ගනිමිනුයි. අපට ලෝකය පුරා පන්සල් 100 ක් සොයාගත හැකි නම්, ඒ එක භික්‍ෂුන් වහන්සේ නමකට සිංහලයන් 100 දෙනකු බැගින් සොයාගත හැකි නම් 10,000 සිංහල ඩයස්පෝරාවක් තනා ගැනීම ලොකු වැඩක් නොවේ යැයි මා සිතන්නේ ඒ නිසයි. ඒ අනුව අප එකතු වුවහොත්

ශ‍්‍රී ලංකාව තුළ බිහිවන කවරම රජයක් තුළින් හෝ බුදු දහමට හෝ සිංහලයාට අකටයුතුකමක් සිදුවන විට ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නට විශාල ශක්තියක් ලැබෙනු ඇත කියා මා කල්පනා කරනවා. අප දැනටමත් ඒ සඳහා ප‍්‍රතිඥා දී අවසන්.

ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමිපාණන් මෙම සමුළුව අමතමින් පැවසුවේ තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් විසින් මෙම ජාත්‍යන්තර සඟ සමුළුව ආරම්භ කිරීම ඉතාමත්ම කාලෝචිත කි‍්‍රයාවක් බවත්, එමගින් අපේ රට, ජනතාව සහ ශ‍්‍රී ලාංකික භික්‍ෂුන් වහන්සේලා පිළිබඳව ලොව පුරා පැතිරෙන හානිකර ප‍්‍රකාශයන් සහ කි‍්‍රයාවන් නවත්වා ගැනීමට නිරායාසයෙන්ම ඉඩ සැලසෙන බවත්ය. ලෝකය පුරා විවිධ රටවල බොහෝ දැන උගත්, තමන්ගේ ජීවිතය සාර්ථක කරගත් විශාල පිරිසක් සිටින බවත්, අප රටට විපතක් පැමිණි සෑම අවස්ථාවකම වාගේ ඒ රටවල සිටින භික්‍ෂුන් වහන්සේලා හා එක්ව ශ‍්‍රී ලංකාවට උදව් පදව් කිරීමට ඉදිරිපත් වන බවත්, මේ පිරිසගේ උදව් උපකාර ඇතිව මෙම කටයුත්ත සාර්ථකව කරගෙන යා හැකි වනු ඇති බවද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

මෙම සභාවේදී අදහස් දැක්වූ ජපානයේ ප‍්‍රධාන සංඝනායක බානගල උපතිස්ස හිමියන් පෙන්වා දුන්නේ සමස්ත ලෝකය පුරා සිටින ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා එකම වහලක් යටට එක්වූ මෙය ඓතිහාසික අවස්ථාවක් බවය. එමෙන්ම මිහිඳු මහ රහතන් වහන්සේට පසුව 1891 දී අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භ කරන ලද ධර්මදූත සේවාව තවදුරටත් විශ්ව ව්‍යාප්ත වීමේ පියවරක් ලෙසද මෙය හඳුන්වා දෙනු ලැබීය. එතුමාණන් කොහේ හෝ සිට බලා සිටිනවා නම් වඩාත්ම සතුටට පත්වන කාරණය මෙය බවද උන්වහන්සේගේ අදහස විය.

ජපානයේ ශ‍්‍රී ලංකා සංගමය සහ ව්‍යාපාරික ප‍්‍රජාව ප‍්‍රමුඛව බෞද්ධ විහාරස්ථාන ගණනාවක එකමුතුවෙන් පැවැති මෙම ජාත්‍යන්තර සඟ සමුළුව වෙනුවෙන් ලොව පුරා රටවල් ගණනාවක භික්‍ෂුන් වහන්සේලා වැඩම කර සිටියහ.

තිස්ස පේ‍්‍රමසිරි ජපානයේ ත්සුකුබා සිට



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More