දේශීය පුවත්

රුපියල් කෝටි 1103 ක ණය මුදලක් ව්‍යාජ ලෙස සමුපකාර සංගමය ලියාපදිංචි කරමින් අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා විසින් චීනයේ යුනාත් නමැති ආයතනයකින් ලබා ගැනීමට යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටී.

වී මෝල් හිමියන්ගේ සමුපකාර සමිතියක් ලියාපදිංචි කරන මුවාවෙන් විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීමට යන බවට විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 29 දින දඹුල්ලේ දී මේ බව හෙළිදරව් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් විසින් සමුපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබියදී ඒවායේ දත්ත උපයෝගී කරගෙන සිංහල ව්‍යාපාරිකයෙකු සහ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන් පස් දෙනෙකු ඒකරාශී කොට සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ සමාගමක් ලියාපදිංචි කොට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සියයට 7.5 ක පොලී අනුපාතයක් මත චීනයේ යුනාන් නැමැති ආයතනකින් රුපියල් කෝටි 1103 ක ණය මුදලක් ලබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව හෙතෙම ලියකියවිලි සහිතව පෙන්වමින් මාධ්‍ය හමුවේ දී හෙළිදරව් කළේය.

ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනෙකු ආරක්ෂා කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම ණය මුදලට සහයෝගය ලබාදෙන බවද හෙතෙම චෝදනා කරන්නට විය.

නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මෙම ගනුදෙනුව යටතේ විශාල මූල්‍ය වංචාවක් සිදු කරනු ලබන්නේ චීන සමාගමකට මහජනතාව ඇපේට තබමින් බවද සඳහන් කළේය.

පසුගිය තාවකාලික රජයේ අමාත්‍යවරයාව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ද වී මෝල් සමාගම් නියෝජිතයන් මේ බව දැනුම් දුන්නද ඔහු ද කිසිදු අවධානයක් යොමු නොකොට ඊට ප්‍රතිචාර නොදැක්වූ බව සඳහන් කළේය. කෙසේවෙතත් රුපියල් කෝටි 1103 ක අතිවිශාල ණය මුදලක් ලබාගෙන සිදු කරන්නට යන්නේ මෙරට වී තොග ගබඩා කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ කරන බවට ඔහු විසින් දැනුම් දී තිබෙන බවය.

වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැතිවරයා මැදිහත් ව මෙම සුවිශේෂී වූ ණය මුදල ලබා ගැනීම නවතා දමා රට පුරා විසිරී සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමිකරුවන්ට සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කළේය.

ව්‍යාජ සංගමයක් ලියාපදිංචි කොට සමුපකාර දෙපාර්තමේන්තුව යටතේ මහජනතාවගේ මුදල් මේ සඳහා යෙදවීමට කටයුතු කිරීමට යන බව ද ඔහු වගකීමෙන් යුතුව මෙය ප්‍රකාශය කරන බව ද කීවේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More