විදේශ පුවත්

හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ මහත්මිය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇය එම ප්‍රාන්තයේ පළමු ආණ්ඩුකාරවරිය ලෙස වාර්තා වේ.

ඇය ආණ්ඩුකාර තනතුරට පත්වී දින දහයකට පසු මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් 2011 – 2017 කාලයේ ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කර සෙනට් සභික රෆායෙල් මොරේනෝ වෝලේ වන ඇගේ සැමියා ද මිය ගියේය.

හෙලිකොප්ටර් යානය ගුවන් ගතකර සුළු වේලාවකට පසු පුවෙලා ගුවන් තොටුපොලට නාවික සැතපුම් තුනක් පමණ ඈතින් අනතුරට ලක්ව ඇත.

පසුගිය වසර කිහිපය තුළ මෙක්සිකානු දේශපාලනඥයන් කිහිපදෙනෙකු ම මෙවැනි ගුවන් යානා අනතුරුවලට ලක්වී ඇති අතර විශේෂයෙන් 2008 – 2011 දක්වා කාලයේ ෆෙඩරල් ඇමතිවරු කිහිප දෙනෙක් ගුවන් අනතුරුවලට මුහුණපෑහ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විනිවිදභාවයකින් ක්‍රියා කරන බව මෙක්සිකෝවේ නව ජනාධිපති අන්ඩ්‍රේස් මැනුවෙල් ලෝපේස් ඔබ්රාඩෝ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More