දේශීය පුවත්

රටට හා අධිකරණයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන ඇතැම් මැති ඇමතිවරුන්, මන්ත්‍රිවරුන්, දේශපාලඥයින් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කරයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද. සිල්වා මහතා ප්‍රකාහකළේ මේ ගැන සාකච්ඡා කිරීමට ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා හමුවන බවයි.
රටට සහ අධිකරණයට අපහාස කරමින් ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ සිදුකිරීම නිසා රටට අහිතකර විදෙස් බලපෑම් එල්ල විය හැකි බවත් ජාත්‍යන්තරයේ සිටින කොටි හිතවාදීන් එම ප්‍රකාශ ඔවුන්ගේ වාසියට හරවාගැනීමට කටයුතු සිදුකරමින් සිටින බවත්යු. ආර්. ද. සිල්වා මහතා පෙන්වා දෙයි.
රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මේ රටේ අධිකරණ විනිසුරුවරුන් හා නීතීඥයින් 95% ක් දූෂිත බවට ප්‍රකාශ කිරීමෙන් අධිකරණයට වාගේම රටට එම ප්‍රකාශය අහිතකර ආකාරයෙන් බලපාන බවත් ජාත්‍යන්තර අධිකරණ මෙරටට යෝජනා කරන පිරිස්වලට එම ප්‍රකාශය වාසියක් වන බවද ජනාධිපති නීතීඥවරයා පෙන්වා දෙයි.
එවැනි ප්‍රකාශ යම් දේශපාලඥයෙක් සිදුකළහොත් එහි වගකීම එම දේශපාලඥයා නියෝජනය කරන පක්ෂ නායකයා විසින් බාරගතයුතු බවත් එසේ ප්‍රකාශ කරනු ලබන දේශපාලඥයින් සම්බන්ධයේන් විනය පියවර ගැනීමට අදාළ පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යු. ආර්. ද. සිල්වා මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More