විදේශ පුවත්

ඉන්දියාවේ නවදිල්ලි නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ් කරන්නැයි එරට අධිකරණයක් නියෝග කළේය.

මොවුන් පිළිබඳව තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් ඔවුන් දස දෙනා ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය අනුගමනය කරන වෙනත් සංවිධානයක් සමඟ තවත් සංවිධානයක් සමඟ සමීප සබඳතා පවත්වන බව අනාවරණය වී තිබේ.

දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල කරන ලද වැටලීම්වලදී මෙම පුද්ලයන් 10 නා ජාතික විමර්ශන ආයතනයේ අත්අඩංගුවට පත්ව ඇත.

මෙම පුද්ගලයන් අහිංසක බව එක් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක් කීය. එහෙත් දින 12ක් ඔවුන් රඳවාගන්නා ලෙස අධිකරණය දැනුම් දී තිබේ.

දැඩි ආරක්ෂාව මධ්‍යයේ, සැකකරුවන්ගේ මුහුණු වසා පොලිසිය ඔවුන් අධිකරණයට රැගෙන ආවේය.

ආරක්ෂක හේතූ මත මෙම සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු මාධ්‍ය හා මහජනතාව ඉදිරියේ නොකිරීමට විනිසුරු අජේ පාණ්ඬේ නියෝග කළේය.

කිලෝග්‍රෑම් 25ක පුපුරණ ද්‍රව්‍ය, පිස්තෝල 12ක්, නිවසක තනන ලද රොකට් ලෝන්චරයක් මොවුන් ළඟ තිබී සොයාගත් බව ජාතික විමර්ශන ආයතතය අධිකරණයට දැන්වීය.

රොකට් ලෝන්චරය ගොවිපොළක යන්ත්‍රයක කොටසක් බවත් පුපුරණ ද්‍රව්‍ය හින්දු උත්සවයේ ගිනිකෙළි සඳහා බවත් සැකකරුවකු වෙනුවෙන් පෙනි සිටි නීතිඥයා කීවේය.

“මගේ සේවාදායකයන් අහිංසකයි. ඔවුන් පිළිබඳව බොහෝ කතා නිර්මාණය කරලා” යැයි ඔහු කීය.

ඉන්දීය මහ මැතිවරණය ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත අතර එම තත්ත්වය මත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තර්ජන ඇති බව සඳහන් කරමින් අදාළ ආයතන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපි යවා ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More