දේශීය පුවත්

මධ්‍යම රජයෙන් සහ ආණ්ඩුකාරවරයාගේ බලපෑම්වලින් තොර බලයක් පළාත්සභාවලට ලබා ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන එම තම අරමුණ බවත් එහි කෙටුම්පත එළඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයත් දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ව සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට එනු ඇති බවට බලාපොරොත්තු වන බවයි.

පළාත් දෙකක් එකඟ නම් ජනමත විචාරණයකින් කැමැත්ත විමසා එක්විය හැකි බව නව ව්‍යවස්තා කෙටුම්පතේ ඇතුලත් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 21 දෙනෙකු පමණ ආණ්ඩුවට එක්වන බවට සහතික කර ඇති බවත් ඔවුන් එක් වුවහොත් නව ව්‍යවස්ථාව සම්මත කිරීමට 150ක බහුතර බලයක් ලැබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

JVP UNP සහ අපි TNA සාකච්චා කරා පෙබරවාරි 04 ට කලින් නව ව්‍යවස්ථා කෙටුම්පත ගෙන එන්න.සුමන්දිරන්….මෙච්චර කාලයක් එක එක අහුමුලු වල කතා වෙච්ච දේවල් දැන් සුමන්දිරන් ප්‍රසිද්ධියේ කියනවා..

Gepostet von Roshan Karunathilaka am Samstag, 29. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More