මුහුණු පොතෙන්

මෙහි දක්වා ඇති ඡායාරූපවල සිටින්නේ ශ්‍රි ලංකාවේ මිනිසුන් පමනක් නොව ලොව පුරා කාගෙත් කතා බහට ලක් වුන දරුවන් දෙදෙනෙකි.

මෙහි දැක්වෙන දරුවන් අතර එක් දරුවෙක් මියගොස් ඇති අතර අනෙක් දරුවා මරණීය පෙනිපෙනී ජිවත් වෙයි.

මියගිය දරුවා මුහුදු මගින් යුරෝපයට නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් ඇතුළු වීමට වැඩිහිටියන්ගේ උත්සාහයක ප්‍රතිඵලයකි. මේ ඡායාරූපය දුටු සැමට නෙතගට කදුලක් නැගෙන තරමටම සංවේදී විය.

මෙහි යථාර්ථය ගත් කල නීති විරෝධී ක්‍රියාවක් මානුෂිකත්වය මත තබා සංවෙදී හදවත් සසල කොට ඇත. පිරිසක් තමන්ගේ අභිමතය පරිදි සම්මත කර ගත් නීතිය අභිබවා නීතිවිරෝධී ක්‍රියාව ලෝකයාම සාධාරණය කළේය.

අනෙක් දරුවා තවමත් වාසනාවකට ජිවත්ව සිටී. ඒ දරුවාගේ අවසාන බලාපොරොත්තුව හා ඔහුට එක් දවසක් හෝ සතුට ලබා දීමට කටයුතු කළ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රිඩකයන් ඇගයීමට ලක් වියයුතු ය. ඒ දරුවාගේ ආසාව වෙනුවෙන් ක්‍රිඩාවේ කෙසේ සදහන් වුවත් දැවීයාමට ඉදිරිපත් වූ කෝලිවත් ඇගයීමට ලක් කළ යුතුය.

යතාර්ථය නම් කුමන පොතේ කුමන නීතියක් සදහන් වුවද මනුෂ්‍යත්වය හමුවේ නීතිය බාල්දුවී ගොස් ඇති බව පමණක් පෙනේ. නීතියට එහා ගිය අවශ්‍යතාව වෙනුවෙන් මනුෂ්‍යත්වයේ දෑත් දිගුවී හදවත් හඩා වැටෙමින් යථාර්ථය ඔප්පු කොට ඇත.

මේ දෙස දෙස් විදෙස් කවුරුත් බැලුවේ එකම කෝණයකිනි.එකම අදහසකිනි. අප රටෙද මේ හැගීම්බර ස්වභාවය වෙනසක් නොව්නි.

සියලු ජාතිකයන්ගේ නිදහසේ ජිවත්වීමේ අයිතිය තවුරු කිරීම වෙනුවෙන් LTTE තුරන් කරමින් කළ යුද්ධය මේ ඇසින් නොදකින්න තරම් ලෝකයා පමනක් නොව අපේ රටේ මිනිසුන් ද කුහකවී ඇත.අන්ධ වී ඇත.

පක්ෂ පාට අනුව පාට කණ්නාඩි පැලදගෙන තම හදවතටද වංකවී යථාර්ථය පෙනුන ද ඒ දෙස නොබලාම දේශීයව හා විදේශීය රසවත් මිත්‍යාව පරම සත්‍යය ලෙස ගෙන ක්‍රියා කිරීම රටේ අවාසනාවකි.

මේ රටේ ද අර මුහුදු වෙරලේ වැටී ඇති ආකාරයට දරුවන් ඇති තරම් යුද්ධය නිසා මියගිය අතර ඒ ඡායාරූප ද අන්තර් ජාලයට මුදා හැර තිබිණි එහෙත් අනුකම්පාව නොලැබෙන තරමටම කුහකත්වය ඉස්මතුවිය.

මේ රටේ ද මාරාන්තික යුද්ධයේ සාපයෙන් ජිවිතයත් මරණයත් අතර ජීවත්වන දරුවන් සිය දහසක් සිටී.ඔවුන්ට ලෝකයේ තියා අපේ රටේ ද අනුකම්පාවක් නැත. ඔවුන්ගේ ආසාවන් ඉෂ්ඨ කරන්න නොදී නීතිය ද කෙලින් සිටී. සුද්දගේ නීතිය ඔවුන්ගේ භූමියේ බාල්දුවී මනුෂ්‍යත්වය ඉදිරිපත් වනවිට අපේ රටේ මනුෂ්‍යත්වය බාල්දුවී යන විට නීතියේ දෙවගන තවත් ටිකක් දෑස් බැදි රෙදි කඩ වැරෙන් තද කරගනී.

බටහිර නීතිය අණ පනත් හා කොන්දේසි මනුෂ්‍යත්වය හමුවේ බාල්දු කොට යථාර්ථය හා උවමනාව ඉෂ්ඨ කිරීමට ඔවුන් කොන්දේසි විරහිතව මැදිහත් විය. සියල්ලටම වඩා මනුෂ්‍යත්වය ලොකු බව කියාපෑවේය. එහෙත් ලංකාවේ නීති අණ පනත් හා කොන්දේසි මනුෂ්‍යත්වයට වඩා ඉහළ තැනක තියෙන බව දිනෙන් දින ප්‍රත්‍යක්ෂ කරමින් පවතී. මේය අභිබවා යමෙක් ක්‍රියාත්මක වන්නේද ඔහුට හෝ ඇයට මනුෂ්‍යත්වයේ දෑත් දිගු කරන්න තරම් උදාරත්වය සමාජ වරපිටාවෙන් ඇහිරෙමින් පවතී. කුහකත්වය ඉහවහා ගොස් ඇති බව දතයුත්තේය. මනුෂ්‍යත්වය ඉහලින් තබා අනෙකුත් සියල්ල ඊට යටින් තබන තාක් කලක් මේ දීනකම යටපත් නොවන බව නම් මනාව පෙනේ.
1 පුතේ නුඹට නිවන් සුව ලැබේවා
2 පුතේ නුඹට දීර්ඝ ආයුෂ ලැබේවා

තෙරුවන් සරණයි
පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More