මුහුණු පොතෙන්

පොස්ට් වගයක් යනවා දැක්කා, දෙමළාට කෙලෙහිගුණ නැහැ කියල. බොහෝදුරට මෙවැනි අදහස් තියෙන්නේ දෙමළුන් සමග සමීපව ආශ්‍රය නොකළ අයට. ඇත්තටම “මේ මොහොතේ” අපිට ගැටුම තියෙන්නේ, සාතිශය බහුතරයක් දෙමළුන් සමග නොව, ඉතා සුළු පිරිසක් වූ වෙල්ලාල දේශපාලන සහ විශේෂයෙන් සරණාගත විසා පදනම මත ඉන්න ඩයස්පෝරාව සමග බව තෙරුන් ගැනීමට කාරුණික වන්න [1]. බටහිර සහ ඉන්දියාව මේ තත්වයට පිඳුරු දමමින් ගැටුම ඔවුන්ටත් වාසි වන ලෙසට ප්‍රශ්ණය වැඩි කරමින් සහ හසුරවමින් ඉන්නවා.

මුව හමට තඩි බානවා වගේ අහිංසක දෙමළාට දොස් තියල වැඩක් නැහැ. ඔවුන් මේ මර උගුලෙන් එයින් මුදවා ගැනීමේ වගකීමේ ඇත්තේ මහජාතිය වන අපිට.

ඒ නිසා අවතැන් වූ දෙමළාට කෙළෙහිගුණ නැහැ කියමින් දොස් තැබීම කිරීම පලක් මම දකින්නේ නැහැ. එහෙම බැලුවොත් මොන සමාජයේත් අඩු වැඩි නරක සහිත මිනිසුන් ජීවත්වෙනවා.

සාපේක්ෂව බැලු විට, මුළු ලෝකෙන්ම සිංහලුන්ට සංස්කෘතික වශයෙන් වැඩියෙන්ම නෑකම් කියන්නේ දෙමළුන්ට. පුද්ගල වශයෙන්ද ඔවුන් ඉතාම දියුණු තත්වයන් නියෝජනය කලද, දේශපාලන උවමනා මත ගොඩ නගන සමුහ ක්‍රියාකාරකම් වලදී ඔවුන්ව නොමග යැවීම බහුල වශයෙන් සිදුවෙනවා. එක අතකට ඒ දෙමලු අවංක වැඩි නිසා රැවටෙන නිසා වෙන්නත් පුළුවන්.

මේ සියළුම දෙනාට හැරෙන තැපෑලෙන් දිය හැකි පිළිතුර වෙන්නේ, හැකි සෑම විටම දේශපාලනයෙන් ව්‍යුක්තව අප අතර සන්නිවේදන පරතරය නැති කිරීමට කටයුතු කරන්න, ඒ වෙනුවෙන් වැඩ කිරීම පරම යුතුකමක් ලෙස සලකන්න, සහ ඒ වෙනුවෙන් වැඩ යෝජනා කරන්න.

[1] දෙමළාට දෙමළ වීම නිසාම ප්‍රශ්ණයක් තිබේද…? : “ඔවු”

सिरूवीर ठकिर्ल

දෙමළාට දෙමළ වීම නිසාම ප්‍රශ්ණයක් තිබේද…? : "ඔවු"

— දෙමළාට දෙමළ වීම නිසාම ඇති ප්‍රශ්ණය සහ අසංවේදී සිංහලයා —කියවීමේ රළු පහසුව වෙනුවෙන්, ලාංකීය දෙමළ සමාජය ප්‍රධාන වශයෙන් කොටස් 3ට බෙදනවා. 1. උතුරු නැගෙනහිර ප්‍රභූ/ සාමානය2. උතුරු නැගෙනහිර කුලහීන3. වතුකරය සහ දකුණේ කම්කරුමේ සටහන, මේ 1, 2 සමාජයන් මුහුණ දෙන ප්‍රශ්නය ගැන අදහසක් ගන්න. මේ ගැන සරල කියවීමකට හොදම නිමිත්ත දෙන්නේ විජයකලා නෝනා. (3 මුහුණ දෙන ප්‍රශ්ණයවෙනම කථා කරමු. 3 කණ්ඩායම මුහුණ දෙන ගැටලුව ගැන රළු අදහසක් ගන්න [1] යොමුව ප්‍රයෝජනවත් වේවි.)පොස්ටුවට අදාලව, අපේ කථානායිකාව අද කියනවා (ඇමුණුම් වීඩියෝව), අවු. 6 දෙමළ දුවෙක් (දෙමළ දුෂකයෙක් විසින්ම) දුෂණය කර ඝාතණය කිරීම නිසා LTTE හිස එසවිය යුතු කාලේ ඇවිල්ලලු.එතකොට එපමණටම දෙමළාට ආලය කරන විජයකලා නෝනා ගිය අවුරුද්දේ, විද්‍යා දැරියව අතිශය අමානුෂික ලෙස බ්ලු ෆ්ලිම් එකකට ඝාතනයේ සැකකරු වෙනුවෙන් ඇය පෙනී හිටියේ ඇයි? [2]මේ අවස්ථා 2දි ඇයගේ හැසිරීම බැලු බැල්මට පෙන්නුම් කරන්නේ, එකක් අනෙක මගින් විසංවාදී වෙනවා වගෙ. නමුත් එය එහෙම නෙමෙයි, අවස්ථා 2දීම ඇයගේ අදහස් ඉතාම සංගතයි. ඒ ඇය පෙනී ඉන්නේ වෙල්ලාලයන් සහ ඩයස්පෝරාවේ සුභ විහරණයන් නිසාවෙන්.විද්‍යා දැරියව ඝාතනය කරන්නේ, ඩයස්පෝරාවට තමන්ගේ දෙමළ තරුණියකගෙන් Real Gang Rape Porn Video කැටගරි එකෙන් නිෂ්පාදනයකට සහය දෙන්න, අවු. 6 දැරිය ඉස්සරහට දාලත් පෙනී ඉන්නේ, ලංකාව සාමකාමී රටක් කියල ලේබල් වීමෙන් අනතුරට ලක්වෙන ඩයස්පෝරාව සහ INGO වෙනුවෙන්මයි. එකක් රිෆියුජි විසා සෙට් එකට කෙලවෙනවා. $, € වලින් යැපෙන INGO සහ වෙල්ලාල දේශපාලකයන්ගේ $,€ ඇන හිටිනවා. ඉතින් හැම තිස්සෙම මේ කලාපය එත්නික් ප්‍රශ්ණයක් තියෙනවා කියල හයිඇලර්ට් තියාගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක්.ඒ අනුව වෙල්ලාල දේශපාලකයන් සහ ඩයස්පෝරාව කියන්නේ ඉතාම අවියෝජනීය බැඳීමක් තියෙන පද්දති 2ක්. එකක් අනෙකාගෙන් යැපෙනවා. ඒ වෙනුවට ඔවුන් බයිට් එකට ගන්නේ 1 සහ 2 ජන කණ්ඩායම්. ඇත්තටම සිංහලය මේ ගැන සන්වෙදි නොවීම ගැන මගේ පැහැදීමක් නැහැ. එක අතකට අපි මේ කරන්නේ අපේ පිරිසක් මුහුණ දෙන ප්‍රශ්ණය උවමනාවෙන් අමතක කරලා අහකබලා ගැනීමක්ද කියලත් හිතෙනවා. දැන් වුනත්, අපේ පිරිස; අන්න විජයකලාට LTTE ඕනේ කියනවා, ජාතික ආරක්ෂාව අනතුරේ කියල ඒකෙන් දකුණේ දේශපාලනය ශක්තිමක් කරගැනීමේ ව්‍යංග උවමනාවෙන් මොර දෙනවා මිසක්, නිකමටවත් අපේම දෙමළාට දෙමළ වීම නිසාම මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්ණය ගැන අවමයෙන් දෙමළ සමාජයේ ඇස් ඇරවන්නවත් විවුර්ථ කියවීමක් නැහැ. (ඒකෙන් අදහස් කරන්නේ නැහැ, විජයකලාගේ ප්‍රකාශය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැති බව. එසේ වීම සමස්ථ ගැටලුවේ කොටසක් පමණයි. මුල හිදින්නේ නැතුව කඳට තඩි බෑවට පලක් නැති බවයි මගේ විශ්වාසය.)කෙනෙක් කියන්න පුළුවන්. උන්ට නැති අමාරුවක් අපිට මොකද කියල. මම ඒකට සම්පුර්ණයෙන් විරුද්දයි. සිංහල-බෞද්ධ ජාතිකත්වය කියන්නේ අපි තනියෙන් වැජබෙන එක නෙමෙයි, අපේ සහෝදරයනුත් අපි පමණින්ම රැකීම සහ පෝෂණය කිරීමත් අපේ පරම වගකීම වෙනව. ඒ නිසා එදාට වඩා සිහියෙන් අපේ වගකීම් පැහැර නොහැර කටයුතු කිරීම අපේ පරම යුතුකමත් වෙන බව සිහියට ගැනීම වැදගත්. මේ සටහන ඒ වෙනුවෙන්. මට අනුව, කර්නල් රවිප්‍රිය කියන්නේ අපේ කාලයේ මේ වගකීම ඉටු කල සැබෑම සිංහලයෙක් [3]. අපිට දැන් ඕනේ රවිප්‍රියලා.[1] 3 වන දෙමළ සමාජයේ ප්‍රශ්ණයhttp://www.youtube.com/watch?v=pr-bNU1s7Iw&t=1m5s[2] #දෙමළාගේ #ප්‍රශ්ණය : ද්‍රෝහී අක්ෂයේ පීඩනයhttps://www.facebook.com/SanjayaSiriweera/posts/10155431404772778[3] කර්. රවිප්‍රිය: අපිට වැරදුනේ කොතනද…?https://www.facebook.com/SanjayaSiriweera/videos/10156271129332778

Gepostet von सिरूवीर ठकिर्ल am Montag, 2. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More