දේශීය පුවත්

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇති බව සඳහන්ය.

එමෙන්ම අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් හොබවනු ලබන ආරක්ෂක අමාත්‍යාංශයට ආයතන 21ක් පවරා තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යන ආයතන ද ඊට අයත්. ජනාධිපතිවරයා විසින්ම හොබවනු ලබන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට ආයතන 22ක් අයත් වනවා.

අග‍්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්තාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයට ආයතන 24ක් අයත්. ජාතික ක‍්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව, ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය ද ඒ අතර වනවා.

රාජ්‍ය දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන වැඩිම ගණනක් පවරා ඇත්තේ අමාත්‍ය මංගල සමරවීර විසින් හොබවනු ලබන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයටයි. එම සංඛ්‍යාව 48ක්. මහාභාණ්ඩාගාරය, ශ‍්‍රී ලංකා මහබැංකුව, දේශීංය ආදායම් දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය, නිවාස, මූල්‍ය සංවර්ධන බැංකුව හැර සියලූම රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත හා ආශ‍්‍රිත සමාගම්,
ශී‍්‍ර ලංකා සුරැුකුම්පත් හා විනිමය කොමිසම, ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන ආයතන ඒ අතර වනවා. ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය, සීමාසහිත ලංකා එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවරා ඇත්තේ ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයටයි.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් හොබවනු ලබන රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට නිශ්චිතව පවරා ඇත්තේ ආයතන 04ක් පමණක් වීම විශේෂත්වයක් වනවා. එම ආයතන වන්නේ ලංකා පිඟන් සංස්ථාව, සීමාසහිත කහගොල්ල ඉංජිනේරු සේවා සමාගම, සීමාසහිත බීසීසී සමාගම සහ රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාවයි.

අමාත්‍ය තිලක් මාරපන විසින් හොබවනු ලබන විදේශ කටයුතු අමාත්‍යාංශයට පවරා ඇති ආයතන ගණන ද 03කට සීමා වී තිබෙනවා. ඒ, විදේශගත රාජ්‍ය දුත මණ්ඩල, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය සහ ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය යි.

අමාත්‍ය රවී කරුණානායකගේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට ආයතන 07ක් පවරා තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සහ එහි පාලිත සමාගම්, ලංකා විදුලිබල සමාගම, ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඒවායෙන් කිහිපයක්.

සමාගම් රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුව පවරනු ලැබ ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම් හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයටයි. අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් විසින් එම අමාත්‍යාංශය හොබවනු ලබනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලංකා සතොස ඇතුළු ආයතන 31ක් ඊට අයත්.

ජාතික චිත‍්‍රපට සංස්ථාව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස වෙත පවරා තිබෙනවා. ඔහු නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයායි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ද ඔහු යටතේ වනවා. නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අයත් මුළු ආයතන ගණන 26ක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More