දේශීය පුවත්

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස ඉකුත් 20 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් හරීන් ප‍්‍රනාන්දු මහතාගේ අමාත්‍යංශයෙන් ඩිජිටල් යටිතල පහසුකම් විෂයත්, සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ සහ විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මලික් සමරවික‍්‍රම මහතාගේ අමාත්‍යාංශයෙන් විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ යන විෂයත් ඉවත් කරනු ලැබ තිබේ.

මේ පිළිබඳ දක්වමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරුන් වන හරීන් ප‍්‍රනාන්දු හා මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ඉකුත් 20 වැනිදා දිවුරුම් දුන් අමාත්‍යධූරයන්ගෙන් ඉල්ලා අස්වී ඇති බව ඉන් එක් ගැසට් පත‍්‍රයක සඳහන් කර ඇත.

ඉකුත් 21 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි හරීන් ප‍්‍රනාන්දු මහතා විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, මලික් සමරවික‍්‍රම මහතා සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙසත් පත්කර ඇති බව අනෙක් ගැසට් පත‍්‍රයේ දැක්වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රජයේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ මෙහිදී සිදුව ඇත්තේ අමාත්‍යවරුන්ගේ විෂය කප්පාදුවක් නොවන බවයි.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතාත්, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස සුජීව සේනසිංහ මහතාත් දිවුරුම් දී ඇති නිසා එම විෂය පෙර තිබූ අමාත්‍යාංශවලින් ඉවත් කර අමාත්‍යාංශයේ නම් වෙනස් කර තිබෙන බව ද එම ප‍්‍රකාශකයා කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More