ඉදිරි ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවන බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
එම පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පවසන්නේ පක්‍ෂ දෙක ජනවාරියේදී සන්ධාන ගත වන්නේ යැයි ඇතැමුන් කරන ප්‍රකාශ වල සත්‍යතාවක් නැති බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ඇතැම් කරුණු පිළිබඳව සාකච්ඡා කර තිබුණද පක්ෂ දෙක එක්ව සන්ධානගත වීම සඳහා නිල මට්ටමේ කිසිදු සාකච්ඡාවක් මේ වන විට පවත්වා නැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධාන ගතවන බවට ජාතික පුවත්පත් ගණනාවක මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පුවත් පළවී තිබුණි්.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...