දේශීය පුවත්

මරණ දඬුවම පැනවිම තාවකාලිකව නැවැත්වීමට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය සතියේදී ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ශ්‍රී ලංකාව සිය ඡන්දය භාවිත කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගියදා මෙම ඡන්ද විමසීම පවත්වා තිබේ. බ්‍රසීලය විසින් රටවල් 83කගේ සමඅනුග්‍රාහකත්වයක් මත මෙම යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබේ.

එයට පක්ෂව රටවල් 121ක් ඡන්දය භාවිත කර ඇති අතර විපක්ෂව රටවල් 35 සිය ඡන්දය භාවිත කර තිබේ. එසේම රටවල් 31 ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවට සම්බන්ධ වී නොමැත.

ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වුවහොත් ඔවුන්ට මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කළ යුතු බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට පෙර සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ සඳහා ඇතැම් පිරිස් විරුද්ධතාවය ප්‍රකාශ කළ අතර ඒ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේද විරුද්ධතාවය ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ඇමෙන්ස්ට්‍රි ආයතනයට අනුව එක්සත් ජාතීන්ගේ සාමජික රටවල් 193ක් අතරින් රටවල් 103ක මරණ දඬුවම තහනම් කර තිබේ. 1976 වසරෙන් පසුව ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More