විදේශ පුවත්

මත විමසීමකට අනුව ඇමරිකාවේ හිටපු ජනාධිපති ආර්යාව මිෂෙල් ඔබාමා මේ වසරේ එරට වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්ව ඇත.

නොනවත්වා වසර දාහතක් පුරා ඇමරිකාවේ වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්ව සිටියේ හිලරි ක්ලින්ටන්ය.

වාර්ෂික ‘Gallup’ මත විමසීමට අනුව ජනාධිපති අපේක්ෂිකාවක, රාජ්‍ය ලේකම්වරියක සහ හිටපු ජනාධිපති ආර්යාවක වන හිලරි ක්ලින්ටන්ට ලැබී ඇත්තේ තෙවන ස්ථානයය.

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ඔප්රා වින්ෆ්‍රි දෙවන ස්ථානයේ පසුවේ.

පනස් වෙනි වරටත් බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින පළමු දස දෙනා අතරට එක්ව ඇති බව ද මත විමසීම සිදු කළ ‘Gallup’ ආයතනය පවසයි.

නිහතමානී චරිත ලක්‍ෂණ ඔස්සේ තරුණ පරපුර තුළ ජනප්‍රියත්වයට පත් හිටපු ජනපති බරක් ඔබාමා
නොනවත්වා එකළොස් වෙනි වරටත් ඇමරිකාවේ වඩාත් ගෞරවයට ලක් වූ පුරුෂයා බවට පත්ව ඇත්තේ හිටපු ජනාධිපති බරක් ඔබාමාය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොනවත්වා සිව් වන වරටත් දෙවන ස්ථානයට පත්ව ඇත.

1946 වසරේ සිට (1976 හැර) වාර්ෂිකව ඉහත කී මත විමසීම සිදු කරනු ලැබේ.

වැඩිහිටියන් 1025 දෙනෙකු සමීක්ෂණය සඳහා යොදා ගනු ලබන අතර ලොව ඕනෑම තැනක වෙසෙන තමන් වඩාත් ගෞරවයට ලක් කරන පුරුෂයා හෝ කාන්තාව කවුරුන්දැයි යන්න ඔවුන් විසින් නම් කරනු ලැබිය යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More