දේශීය පුවත්

‘සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය – ආර්ථික යුක්තිය ජන බලයෙන් ගොඩනගන ජනතා සැලැස්ම’ එළි දැක්වීමේ සම්මන්ත්‍රණය ඊයේ (27) සවස කොළඹ, නව නගර ශාලාවේදී පැවැත්විණි.

වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක නායකත්වයෙන් බිහිකරන ලද ‘ජනතා අරගල මධ්‍යස්ථානය’ විසින් පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේදී පවතින සමාජ දේශපාලනික අර්බුදය සම්බන්ධව විසදුම් සෙවීමේ අරමුණ ජනතාව අතරට ක්‍රියාකාරිව ගෙන යාමටත් ඒ වෙනුවෙන් ජනතාව සංවිධානාත්මකව මැදිහත් කිරීමටත් ‘ජනතා සැලැස්ම’ ඉදිරිපත් කර තිබේ.

ජනතා අරගල මධ්‍යස්ථානය පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේ ආරම්භක අදහස් දැක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම‍ෙ විසින් සිදුකරන ලදි. නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය වෙනුවෙන් එහි ජාතික සංවිධායක වී. මහේන්ද්‍රන් අදහස් දක්ණවන වන ලදී.

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි විධායක සභික සජිත් ශ්‍රී ලක්මාල් විසින්ද වමේ හඬ සංවිධායන නියෝජනය කරමින් එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක විසින්ද අදහස් දක්වන ලදී.

මෙම ආරම්භක අවස්ථාවේදී ජනතා අරගල මධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ද අදහස් දැක්වීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More