දේශීය පුවත්

ජනතාවට සේවය කිරීමට අපොහොසත් වන අමාත්‍යාංශයක් වත්මන් රජය මඟින් තමන්ට ලබා දීමට සූදානම් වානවා නම් එම අමාත්‍යාංශය බාර නොගැනීමට තමන් තීරණය කර ඇති බව නුවරඑළිය දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද (28) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමිණි මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් පැවසීය.

“රටේ ඔක්තෝම්බර් (26) වන දා දේශපාලන අස්ථාවර තත්වයක් ඇතිවුණා. එම අවස්ථාවේ ප්‍රජාතනත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිමින් කඳුරට ජනතා පෙරමුණේ අපි එක්සත් ජාතික පක්ෂයට සම්පූර්ණ සහය ලබා දුන්නා.මේ වන විට රට දේශපාලන ස්ථාවරත්වයකට පැමිණ අලුත් ආණ්ඩුවක් පිහිටුවලා තිබෙනවා.

ආණ්ඩුවෙන් ප්‍රගතිශීලි සන්ධානයට කැබිනට් අමාත්‍ය තනතුරු දෙකක් දී තිබෙනවා. ඒ වගේම දේශපාලන අස්ථාවර වූ අවස්ථාවේ කඳුරට ජනතා පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවේදී එතුමා අලුත් රජය පත්වුණායින් පසුව අපගේ පක්ෂයට කැබිනට් අමාත්‍ය තනතුරක් හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතාට ලබා දෙන බවට පොරොන්දු වුණා.

ඒ පොරොන්දුවෙන් පසුව දැන් නව කැබිනට්ටුව පත් කරද්දී එහි සංයුතිය 30 ක් බවට පත්ව තිබෙනවා. මේක අපි තේරුම් අරගෙන පිළිගන්නවා. අපි රජයට උදව්වක් වශයෙන් රජයෙන් ඉල්ලීමක් කළා කඳුරට ජනතා පෙරමුණ වෙනුවෙන් මම දිගටම කරගෙන ආපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යකමයි හින්දු සංස්කෘතික කැබිනට් නොවන ඇමතිකම මට ලබා දෙන ලෙසත්, අරවින්ද කුමාර් මහතාට නියෝජ්‍ය ඇමතිකමක් ලබා දෙන ලෙසත් ලිඛිතව අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළා.

මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය තුමා කීවා මට කැබිනට් නොවන අමාත්‍ය තනතුරක් හා අරවින්ද කුමාර් මහතාට නියෝජ්‍ය ඇමතිකමකුයි ලබා දෙන බව. අපි එයට එකඟතාවය පළ කළා.

හැබැයි දැන් අපට තොරතුරු දැනගන්නට ලැබී තිබෙනවා, මට අලුත් අමාත්‍යාංශයක් හදලා දීලා නියෝජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධව කිසිම පිළිතුරක් නැති බව. එසේ වුණොත් කඳුරට ජනතා පෙරමුණේ කිසිම අමාත්‍යාංශයක් භාර නොගැනීමට තීරණය කර තිබෙනවා. එසේ වුණා කියා අපි විපක්ෂයට යන්නෙත් නෑ දිගටම එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඇමතිකමක් අරගෙන ඒකේ ප්‍රයෝජනය අරගෙන මම ඉන්න කැමති නෑ. ඇමති තනතුරෙන් ජනතාවට සේවයක් කිරීමට හැකියාව තිබිය යුතුයි. වැඩක් කිරීමට නොහැකි අමාත්‍යාංශයක් ලැබුණොත් භාර නොගැනීමට තිරණය කර තිබෙනවා.

නමුත් අග්‍රාමාත්‍යවරයා අපට දුන් පොරොන්දු ඉටු කරයි කියා සිතනවා. අපි ආණ්ඩුව අපහසුවට පත් නොවන අයුරින් තමා රාජ්‍ය නොවන හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ඉලලා සිටියේ.එයත් කරන්න බැරිනම් අපට තනතුරු අවශ්‍ය නෑ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More