ව්‍යාපාරික පුවත්

රුපියල තවත් පහළට

December 28, 2018 3:28 pm | Lanka Lead News

රී ලංකා රුපියලේ අගය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 184.07 කින් පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කරන දෛනික විකුණුම් අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 184.07ක් වූ අතර ගැනුම් මිල 180.10ක් විය.

ඉකුත් පෙබරවාරි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර නොවැම්බර් මස 28 වැනිදා පළමු වරට 182 සීමාව ඉක්මවා ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකු නිකුත් කළ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට දෙසැම්බර් 27 වැනිදා දක්වා කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 15.9කින් අවප්‍රමාණය වී ඇත.

කෙසේ නමුත් මේ වසරේ මේ දක්වා කාලයේදී ‘රෙෆිනිටිව් ඉකෝන්’ දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 18.8කින් අවප්‍රමාණය වී ඇත.

ඔක්තෝබර් 26 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අර්බුදයෙන් පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 5.2කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් පුවත් සේවාය වාර්තා කර තිබිණි.

එම පත් කිරීමත් ඉන් පසු නැවත රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් දේශපාලන අර්බුදය නිමා වුවද දේශපාලන අවිනිශ්චිතතාව හේතුවෙන් විදේශිකයන් සහ ආයෝජකයන් බැවින් බැඳුම්කර සහ කොටස් වෙළෙඳපොළවල්වලින් විදෙස් අරමුදල් ඉවත් කරගනිමින් සිටින බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.

ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ආයෝජන පිටතට ගලායෑම සහ ආනයන ගෙවීම් වෙනුවෙන් විනිමය වෙළෙඳපොළ තුළ පැවැති ඉල්ලුම යනාදි කරුණු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට වැඩි වශයෙන් බලපෑවේ යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More