දේශීය පුවත්

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර සීතල යුද්ධයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ තම ධුර කාලය වසර 6ක් කරගැනීමට බවත්, අගමැතිවරයාට අවශ්‍ය වූයේ එම කාල සීමාව වසර 5කට සීමා කිරීම බවත්, එහිදී මෙම දෙපාර්ශ්වයටම අධිකරණය තමන්ගේ අරගල භුමියක් බවට පත් වූවාද යන්නත් හෙතෙම ප්‍රශ්න කරයි.

යම් හෙයකින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක් වූයේ නම් ජනාධිපතිවරයාගේ ජනාධිපති මැතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව වන අතර අවුරුදු 5ක් වූයේ නම් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම කාරණය මුල් කරගනිමින් අගමැතිවරයාට අවශ්‍ය වූයේ ජනාධිපතිවරණය කලින් පවත්වා ජනාධිපතිවරයාව අර්බුදයකට යැවීමට බවත්, ජනාධිපතිට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තු මැතිවරණය කලින් පවත්වා අගමැතිවරයාව අර්බුදයකට යැවීම බවත් ඔහු අවධාරණය කළේය.

අද වන විට අගමැතිවරයා උත්සාහ ගන්නේ ආණ්ඩුවේ ප්‍රධාන බලධරයා ලෙස කටයුතු කිරීමට බව පෙන්වා දුන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ අගමැතිවරයාව මෙහෙය වන බලධරයා වීමට බවත්ය.

ඊයේ (15දා) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More