දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රිවරුන් අගමැතිවරයාගේ ඡායා අමාත්‍යවරු ලෙස පෙනී සිටීමට උත්සාහ දරන නමුත් මේ අවස්ථාවේදී එවැන්නක් සිදු නොවිය යුතු බව උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් පවසයි.

ඔහු මේ බව පැවැසුවේ යාපනයේ වඩමරච්චි නැඟෙනහිර ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කළ සුනාමි සැමරුම් උළෙලකට සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් පිරිසක් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

දෙමළ ජාතික සන්ධානය නමැති පක්ෂය බිහිවී ඇත්තේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට මිස කිසිම රජයකට කත් ඇදීමට නොවන බව පැවැසූ ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා දෙමළ ජාතික සන්ධානයේ බොහෝ දෙනකුට මේ අවස්ථාවේදී අවශ්‍යව ඇත්තේ රජයෙන් තාන්න මාන්න හා වරප්‍රසාද ලබාගැනීමට පමණක් යැයිද කියයි.

සියලුම දෙනා මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ යනු කවර චරිතයක්දැයි තේරුම් ගත යුතු බව කී සිවාජිලිංගම් මහතා, 2002 වසරේදී ඔහු ප්‍රභාකරන් සමඟ ගිවිසුම අස්සන් කළ දා සිට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වා ගත වූ කාලයේදී ඔහුගෙන් දෙමළ ජානතාවට ලැබුණු දේ ආපසු හැරී සිතා බැලිය යුතු බවද සඳහන් කළේය.

ප්‍රභාකරන් සමඟ ගිවිසුම අස්සන් කිරීම තුළින්ද රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජනතාව රැවටූ බව කියා සිටි ඔහු, මේ අවස්ථාවේදී දේශපාලන වශයෙන් අනාථභාවයට පත්ව සිටින දකුණේ දේශපාලන නායකයන් දෙමළ ජාතික සන්ධානයේ කරපිටින් ගොස් අවසානයේදී ඔවුන්ව රවටන තත්ත්වයකට පත්ව ඇතැයිද ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More