දේශීය පුවත්

මධ්‍යම සංස්කෘතික අරමුදල සතු මුදල් මැතිවරණ අල්ලසක් ලෙස පන්සල් වෙත බෙදා දීමේ කූඨ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයේද ඇමතිවරයා ලෙස කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා විසින් එම අමාත්‍යාංශ නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය සදුදා (24) සංස්කෘතික අමාත්‍යාංශයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරින් හමුවීමට අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා පැමිණ ඇත. අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා එම අවස්ථාවේ ආයතනයේ මුදල් අධ්‍යක්ෂකගෙන් විමසා ඇත්තේ අරමුදලට කොපමණ ආදායමක් ලැබෙනවාද හා එම මුදලින් කොපමණ මුදලක් මේ වනවිට වැය වනවාද යන්න සහ දැනට මධ්‍යම සංස්කෘතික අරමුදල නමින් ස්ථාවර තැන්පතු කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද යන කරුණු ය.

මුදල් තත්වය හදුනාගත් අමාත්‍ය වරයා ඔහුගේ වැඩ පිළිවෙල පිලිබද පැහැදිලි කරමින් පවසා ඇත්තේ ඉදිරි වසර සදහා ඇස්තමේන්තු පිළියෙල කිරීමෙදී තවත් මාස දහයකින් පමණ මහ මැතිවරණයක් පැවැත්වෙන බවත් ය. ඒ ඉලක්ක කරගත් වැඩසටහනක් ලෙස තමා හදුන්වාදුන් සසුනට අරුණ වැඩසටහන සඳහා මුදල් වෙන්කරන ලෙසත් දන්වා ඇත.

මේ සම්බන්ධව නිලධාරින් ගේ නොසතුට පලවී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථාපිත කර ඇත්තේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට බවත් එහි කාර්යභාරය පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය බවත් පවසන නිලධාරින් දේශපාලන ඉලක්ක වෙනුවෙන් මෙවැනි කටයුතු තුළින් ආයතනය විනාශ වන බවත් පෙන්වා දෙති.

අමාත්‍යංශ වෙන්කිරීමේදී මීට පෙර වැදගත් අමාත්‍යාංශයක් නොවු සංස්කෘතික අමාත්‍යාංශය විශාල ආදායමක් ලබන මධ්‍යම සංස්කෘතික අරමුදල හෙතුවෙන් මේ වනවිට දේශපාලනඥයින් ඉල්ලා සිටින තැනක් බවට පත්ව ඇත. පසුගිය කාලයන් තුළ ටී.බී. එකනායක හා අකිල විරාජ් කාරියවසම් යන හිටපු ඇමතිවරුද මෙම ආයතනයේ මුදල් ඉලක්කකර විවිධ ව්‍යාපෘති හරහා දේශපාලන අවශ්‍යතා ස්මතු කරමින් කටයුතු කර ඇත. එම තොරතුරු සැලවීමත් සමඟ සජිත් ප්‍රෙමදාස මහතාද මෙය තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීම ආරම්භ කර ඇත.

පසුගිය කැබිනට් අමාත්‍යංශ පත්කිරීමේදී සජිත් ප්‍රෙමදාස මහතා තම අමාත්‍යංශය සඳහා සංස්කෘතික අමාත්‍යාංශයද ඇතුලත් කරන ලෙස ඉල්ලා ඇත්තේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බව මේ අනුව පැහැදිලි කරුණක් බව එහි ඉහළ නිලධාරීහු පවසා සිටිති.

පැරණි රජ දවස ඉතිහාසය ස්මතු කරමින් කැණීම් සිදු කරන මෙන්ම කැනීමස් සිදු කිරීමට තවමත් ඉතිරිව පවතින පුරාවිද්‍යා බිම් අයිතිව පවතින්නේද සංස්කෘතික අමාත්‍යාංශය සතුවය.

-lankatruth



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More